(අංජුල මහික වීරරත්න)

මෙවර යල කන්නයේ කාලගුණික වෙනස්කම් නිසා වගාහානියට පත් වූ ගොවීන්ට  අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය දිනවල තංගල්ල ප්‍රදේශයේ  මහා වර්ෂාව නිසා අස්වනු නෙලා ගැනීමට ආසන්නව තිබු කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන්  යට වී තිබිණි. තංගලු වෙල්යායේ මෙම කුඹුරු දැක ගැනීමට අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර  හානියට පත් කුඹුරු ගොවීන් සමග ද සාකච්ඡාවක් ද ⁣කළේය.

වැස්ස නොලැබීම මෙන්ම එක්වරම රටට ඇද හැලුනු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාව ගැන පූර්ව අනාවැකි කීමට මෙරට  කාලගුණික අංශවලට හැකි වුනේ නැතැයි ද  නිසි කලට වේලාවට වගා ආරම්භ කරන ලෙස සියලුම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මීලඟ යල කන්නයේ දී දැඩි නියඟයකට මුහුණු පාන්නට සිදුවනු ඇතැයි කාලණිගුක අංශ අවධාරණය කළත් සමහර විට එළැඹෙන මහ කන්නයටත් වඩා මහා වර්ෂාපතනයක් යල කන්නයේ ලැබෙන්නටත් ඉඩකඩ තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.