
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අඟුරුවාතොට හල්තොට පෙතිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි තඹවිටගේ ආරොන්සිඥෝ නමැති 82 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා හා 26 හැවිරිදි මුනුබුරා නිවසේ සිටියදී යාබද නිවසක සිටි පුද්ගලයන් දෙදෙනකු යකඩ පොල්ලක් හා කිතුල් පොල්ලක් රැගෙන විත් මුනුබුරා ට පහර දීමට තැත් කිරීමේ එය වැලැක්වීම සඳහා ඉදිරියට පැමිණි වයෝවෘද්ධ පුද්ගලයා වෙත කිතුල් පොලු පහර එල්ල වී ඇතැයි විමර්ශනවලදී වනාවරණය වී ඇත
මියගිය පුද්ගලයාගේ මුණුපුරා ප්‍රදේශයේ පැවති අවමගුල් නිවසකදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියකට ඔහුට පහර දීම සඳහා නිවස වෙත පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.