
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැසිනෝ බදු අය කර ගන්නැයි කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
" ආණ්ඩුව ඇවිත් මාස හයක් වෙනවා.ඔන්ලයින් කැසිනෝ හැම තැනම තියෙනවා.සත පහක් බදු ගහන්නේ නැහැ.මේක කරන්නෙ නැත්තේ ඇයි?
හරි නියාමන කොමිසමක් තියෙනවා නම් මේ පැනවූ බදු වලින් මීට වඩා මුදලක් හොයාගන්න පුළුවන්. කැසිනෝ බදු වැඩි කිරීම කොළේට විතරක් සීමා වෙලා.ඒවා ක්‍රියාත්මක වෙන්න වැඩපිළිවෙලක් නෑ යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.
COMMENTS
සූදු, බාර්, රටින් ගේන තොරොම්බොල් බඩු විකිනීම බද්දෙන් නිදහස්...
ඔයාලගෙ කාලෙනං කිව්ව ගමං ටිප් ටොප් එකට වැඩ කලා නේද?
ආණ්ඩුවේ ඇමතිලා දැන් කැසිනෝකාරයන්ට හීලෑ වෙලා කියලයි ආරංචිය. උන්ගෙන් කාලා බීලා පාටි දැම්මට පස්සේ බදු ගහන්න බෑනේ.
කැසිනෝ බද්ද කොහොම නමුත් හාල්වලට නම් 50% පමණ බදු, ආණ්ඩුවට දෙවියන්ගේ හාල් කැවිලාද කොහේද, ජනතාවගෙන් පළාත්පාලන ඡන්දෙන් පොඩි ටොක්කක් කෑවාට පස්සේ මොලේ පෑදේවී...
අනේ පොඩි එකෝ ඔයා දන්නා දෙයක් නැහැ. ඔයා කියන්නේ ඉස්සර බදු එකතු කලේ නැහැ කියලා ඉදිරියටත් බදු එකතු නොකර ඉන්න කියලාද? අනිවාර්යයෙන් කැසිනෝ කාරයින්ගෙන් බදු ගන්න ඕනේ..., මුදල් අමාත්‍යාංශය, මහා බැංකුව, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්නේත් පරණ හොරු ටික.. ඔවුන් පගා අරගෙන ජාවාරම් කාරයින්ට ඕනේ විදිහට වැඩ කරනවා.