IMG-LOGO

කැලණි ගඟ දූෂ්‍ය කිරීමේ සමාජ විරෝධී වැඩ නවත්වනු

කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පවතින බවට කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් තොරතුරු හෙළිදරව් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියට අනුව කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ ඒ සහ බී කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා 294ක් තිබේ. එම කර්මාන්ත ශාලා අතුරෙන් ඒ කාණ්ඩයේ කර්මාන්ත ශාලා 41ක් පවත්වාගෙන යනු ලබන්නේ පරිසර ආරක්ෂක බලපත්‍ර රහිතවය.

පානීය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා කැලණි ගඟට කොහිලවත්ත හා හංවැල්ල ප්‍රදේශවල සුසාන භූමි දෙකකින් මළ සිරුරු ආවරණය කරන ඉටිකොළ එකතුවීමේ අවදානමක් මතු වී ඇතැයි ද එම කාරක සභාවේ දී අනාවරණය වූ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. සුසාන භූමි දෙකේ පැති බැමි කඩාවැටීම නිසා මෙම තත්ත්වය මතුවී ඇති බවත් එම නිසා බීමට ගන්නා ජලය අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

යුද්ධය අප රටේ ප්‍රධාන ජාතික ප්‍රශ්නය බවට පත්වූ යුගයක් තිබිණි. ඊට පසුව මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය, ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ මෙන්ම  රිය අනතුරු ද රටේ ප්‍රධාන ප්‍රශ්න බවට පත්ව තිබිණි. එහෙත් වර්තමානය වනවිට ඒ සියල්ල පසුකර පරිසර හානිය පෙරට ඇති සෙයකි. පරිසර හානියට අදාළව රටේ නන් දෙසින් එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවන සිදුවීම්වලින් ඒ බව සනාථ වේ. කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණය වන තොරතුරු ද එය ඔප්පු කිරීමකි.

සමනොළ කන්දෙන් ඇරැඹී කොළඹ ආසන්නයෙන් මුහුදට වැටෙන කැලණි ගඟ අප රට සතු මහරු සම්පතකි. එමෙන්ම තදින්ම නාගරීකරණයට හා කාර්මීකරණයට ලක්වෙමින් තිබෙන බස්නාහිර පළාතේ පාරිසරික සමතුලිත බව ආරක්ෂා කිරීමේදී කැලණි ගඟ ඉටුකරන මෙහෙවර අතිවිශාලය. කැලණි ගඟ නොවේනම් ඇතිවන පාරිසරික ප්‍රශ්න මෙන්ම තාක්ෂණික ප්‍රශ්න ගණනය කළ නොහැකිය. දෙපයට වට වැස්සට දණ තෙක් ජලය පිරෙන කොළඹ නගරය කැලණි ගඟ නොවන්නේනම් ඉණ තෙක් නොව ගෙල තෙක් ජලය පිරෙන තටාකයක් බවට පත්වනු නියතය. කැලණි ගඟ දරුවකු මෙන් ආරක්ෂා කරගත යුතු වන්නේ එහෙයිනි.
අප ප්‍රවෘත්තියට අනුව කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ ඒ හා බී කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා ගණන 294 කි. ඉන් ඒ කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා 41ක් පවත්වාගෙන යනු ලබන්නේ පරිසර ආරක්ෂක බලපත්‍ර රහිතවය. මෙය වූ කලී පහසුවෙන් මගහැර යා යුතු තත්ත්වයක්  නොවේ. කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම පරිසර ආරක්ෂක බලපත්‍රයක් තිබිය යුතුය. එම බලපත්‍රය නොමැති නම් එය නීති විරෝධී ආයතනයකි. එබඳු නීති විරෝධී ආයතනයක් නිරුපද්‍රිතව පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද? මේ පිළිබඳ වගකීම සහිත ආයතන මේ සම්බන්ධයෙන්  සොයා බැලීමක් සිදුකර කළමනා කටයුතු සංවිධානය නොකරන්නේ මන්ද?

මෙහිදී සැක කළ හැකි කාරණාව වන්නේ අදාළ රජයේ ආයතන හා එම කර්මාන්ත ශාලා අතර ‘ඩීල්’ එකක් තිබෙන බවය. මුදල් විසිකරන්නේ නම් මේ රටේ ඕනෑම දෙයක් කළ හැකි කරගත හැකි බවට මතයක් ද සමාජයේ වෙයි.  එහෙයින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය. මන්දයත් කැලණි ගඟ උපනූපන් පරම්පරාවලට ආරක්ෂා කරදීම ප්‍රමුඛ වන හෙයිනි.

පරිසර ආරක්ෂක බලපත්‍ර නොගෙන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යෑමෙන් හෙළි වන්නේ එම කර්මාන්ත ශාලාව පරිසර ආරක්ෂක බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබෙන බවය. එසේ නොවන්නේනම් එය එසේ වීමට වෙනත් හේතුවක් නැත. අප රටට කර්මාන්ත අවැසිය. එම කර්මාන්ත පවත්වා ගැනීමට බාධාකාරී තත්ත්වයක් වේ නම් ඒවා වහාම තුරන් කළ යුතුය. එහෙත් කවර තත්ත්වයක් යටතේ වුවත් පරිසරයට හානිකරව එම ආයතන පවත්වාගෙන යාමට ඉඩ නොදිය යුතුය. එය කැලණි ගඟ අසබඩ කර්මාන්ත ශාලාවලට පමණක් නොව මුළු රටේම පොදු ප්‍රතිපත්තිය බවට පත්විය යුතුය.

කරුණු කාරණා එපරිදි වුවද සීතාවක අපනයන සැකසුම් කලාපය සඳහා වසර අටක කාලයක් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දී නැතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙරට රාජ්‍ය අංශය නිද්‍රාශීලීය. එහෙත් රටේ ආර්ථිකයත් සමග ඍජුවම සම්බන්ධ වන දහස් ගණනින් රැකියා උත්පාදනය කෙරෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මන්දගාමී හා නිද්‍රාශීලී පිළිවෙත් අනුගමනය කිරීම සමාව දිය යුතු නැති තරමේ වරදකි. අවශ්‍ය කෙරෙන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක නොවන පරිසරයක කර්මාන්ත කරුවන්ටද තමන් සිතැඟි පරිදි කටයුතු කිරීමේ අවකාශයක් ලැබේ.

කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාත සම්බන්ධයෙන් දුරාතීතයේ සිටම ප්‍රවෘත්ති වාර්තා වේ. විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මෙන්ම වැසිකිළි අපද්‍රව්‍ය හා අනෙකුත් අපද්‍රව්‍ය කැලණි ගඟට මුසුවීම ඉන් ප්‍රධාන වෙයි. මෙම ක්‍රියාද‌ාමයේ අවසන් ප්‍රතිඵලය වූයේ කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් කැඳවීමට සිදුවීමය. එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කර තිබේ. ඉතිරිව ඇත්තේ එහි නිර්දේශ නොපමාව ක්‍රියාත්මක කිරීමය.

(***)



අදහස් (2)

කැලණි ගඟ දූෂ්‍ය කිරීමේ සමාජ විරෝධී වැඩ නවත්වනු

badaburul Wednesday, 17 March 2021 11:34 AM

එළියට පහළියට යන එක සමාජ විරෝධී වෙන්නේ කොහොමද? ශාරීරික අවශ්‍යතාවන් අවහිර කිරීම මානව හිමිකම් උල්ලංඝනයක්...

:       0       1

saman Wednesday, 17 March 2021 01:26 PM

ඉතින් ඔය කියන විදියට පරිසර දුෂණය නිසා ලංකාවේ කිසිම කර්මාන්තයක් කළ නොහැකියි. එවිට රටේ රැකියා ජනනය කරන්නේ කෙසේදැයි කියාත් මේ ලිපිය ලියු තැනැත්තා සඳහන් කළ යුතුයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site