කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 343 කින් සමන්විත වන අතර, බහුතරය සඳහා ආසන 172 ක් අවශ්‍ය වෙයි. කැනඩාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන්නේ ‘ලිබරල්’ පක්ෂය සහ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට වන අතර, මේ වනවිට බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂයේ නායක මාර්ක් කාර්නී කැනඩා මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය හොබවයි.
කාර්නී පක්ෂ නායකත්වයට පත්වූයේ පසුගිය මාර්තු මාසයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසුවය. මෙම මැතිවරණයෙන් ජනවරමක් හිමිවුවහොත්, කාර්නී දිගටම කැනඩා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.
කැනඩාවේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන්නේ, කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා සහ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන්නේ පියේ පොලිවියේය. ඊට අමතරව, තවත් අපේක්ෂකයෝ පස් දෙනෙක් ද මැතිවරණයට ඉදිරිපත් වෙති.
පසුගිය ජනවාරියේ පැවැති ජනමත සමීක්ෂණවලින් පෙනී ගියේ කොන්සවර්ටිව් පක්ෂයට පැහැදිලි ජයක් හිමිවනු ඇති බවය. කෙසේ නමුත් විපක්ෂය වන ලිබරල් පක්ෂය ද කොන්සවර්ටිව් පක්ෂයට අභියෝගයක් වීමට ඉඩ ඇති බව මේ වනවිට පෙනී ගොස් ඇත. ඒ, ඇමෙරිකාවේ තීරු බදු හේතුවෙන්, කැනඩා ආර්ථිකයට එය එල්ල කරන බලපෑම හේතුවෙනි.
කැනඩාව, ඇමෙරිකාවේ අසල්වැසියාය. ලොව සෙසු රටවලට සේම, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවට ද තීරු බදු පනවා ඇත. මෙය කැනඩාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල කිරීමට සමත් විය. කාර්නී, පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා වීමට පෙර, පක්ෂ නායකයා වූයේත්, අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේත් ජස්ටින් ටෲඩෝය.
ට්‍රම්ප්ගේ තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ ටෲඩෝ අතරේ මත ගැටුම් පැවැති අතර, එම මත ගැටුම් හේතුවෙන් ටෲඩෝ කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ටෲඩෝ පියවර ගත්තේය. මාර්ක් කාර්නී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ඉන්පසු පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමෙනි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කැනඩා වැසියෝ ඡන්ද පොළට
සෙනරත් Monday, 28 April 2025 12:43 PM
කෝනී , ටෲඩෝ පාලක ලිබරල් පක්ශේ.... කොනසවර්ටිව් නොවේ
Steve Monday, 28 April 2025 05:15 PM
පක්ෂ පටලවලා.