
(ටී.කේ.ජී.කපිල )
කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ කැනඩාවට පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35 ත් - 40 ත් අතරේ පසුවන , කොළඹ , කළුතර , බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පදිංචි රජයේ සේවකයින් , ව්‍යාපාරිකයින් සහ මෑතකදී විදේශ ගත වී මෙරටට පැමිණ සිටින්නන් වීම විශේෂත්වයකි .
සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ද ලබා ගෙන තිබී ඇත .
COMMENTS
හරි ෂෝක් විදේශ සේවා නියුක්ති කාර්යංශය
සමහර විට මේ අය කැනඩාවට යන්න උත්සහා කරන්න ඇත්තේ මාලිමා ආණ්ඩුවට ඩොලර් එවන්න වෙන්න බැරි ද! මාලිමා කැචර්ලා රටට කෙසේ වෙතත් පක්ෂෙට පුදුම ආදරයක්, ලැදියාවක්, වහල් බාවයක් තියෙන උදවියනේ!
මිනිසුන් හිතාගෙන ඉන්නේ කැනඩාවේ කප්රුක තියෙනවා. ගිය ගමන් අවශ්‍ය දේවල් කඩාගන්න විතරයි තියෙන්නෙ කියලා.
ඔය ප්‍රශ්නයත් කෝපා එකට දැන්ම යොමු කරන්න.
කරුණාකරලා යන කෙනෙකුට යන තැනකට යන්ට දෙන්ට. ලනක්වේ ඉඳලා හිඟා කන්ටද?