IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ක්‍රෙඩිට් කාඩ් ලක්ෂ 5කින් මුදල් වංචා කළ අයෙක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත් ලක්ෂ 5ක දත්ත අනවසරයෙන් ගබඩා කරගෙන ඒවා උපයෝගී කරගනිමින් රුපියල් ලක්ෂ ගණනින් භාණ්ඩ මිලදී ගත් 18 තරුණයකු  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු කාඩ්පත් 90ක් භාවිතා කරමින් රුපියල් ලක්ෂ 55ක භාණ්ඩ මිලදී ගෙන ඇති බවට අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් මඟින්  ඉකුත්  4 වැනි දින පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට කර පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා පෙරේදා (5) කුරුණෑගල දුම්මලසූරිය ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු  සමාජ ජාලය හරහා සමූහයක් වශයෙන් එක්වී අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත අනවසරයෙන් ගබඩා කරගෙන මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුගේ පරිගණකය පරික්ෂා කිරීමේදී එහි අන්සතු ලක්ෂ 5ක දත්ත ගබඩා කර ඇති බවත්, දත්ත උපයෝගී කරගෙන මොහු අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ භාන්ඩ ඇනවුම් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පරිගණක, කැමරා, විවිධ ආහාර ද්‍රව්‍ය, මත්පැන් මදි භාණ්ඩ රැසක් ම මොහු විසින් වරින් වර ගෙන්වාගෙන ඇති බව ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙම භාණ්ඩ භාන්ඩ ඇනවුම් කර ඇති බවත්, ගෙන්වාගැනීමට ද අතරමැදි ස්ථාන තෝරාගෙන ඇති බව ද බවද පොලිසිය සඳහන් කරයි.

18 හැවිරිදි මෙම තරුණයා සාමාන්‍ය පෙළ විභාගය අසමත් පුද්ගලයෙකු බවත්, කුලී වැඩ කරමින් දුරකථනයක් මිළ දී ගෙන, ඒ ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමෙන් මෙම වංචාවට පිවිස ඇතැයිද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොහු සමග සම්බන්ධතා පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව් පී ජයනෙත්ති මහතාගේ උපදෙස් මත, සමාජ ජාලා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාශ්‍රි  මහතාගේ මෙහෙයවීමෙන්  ,එහි විමර්ශන නිලධාරීන් වන මහේෂ් කලුගල්ල, බී රංග බණ්ඩාර, චාරුක පැතුම්  ජයවර්ධන , තරිඳු දිව්‍යංජල, අශෝක යන මහත්වරුන් පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත්හ.



අදහස් (2)

ක්‍රෙඩිට් කාඩ් ලක්ෂ 5කින් මුදල් වංචා කළ අයෙක් මාට්ටු

gunda Saturday, 07 January 2023 10:42 PM

මේ ළමයා දෙස විමසිලිමත්ව ධනාත්මකව බලන්න. අවුරුදු 18 යි. සාමාන්‍ය පෙළ වැඩ දෙකයි සමත්. කුලී වැඩ කරන අයෙක්. මෙයා කර තිබෙන්නේ තද බලවරදක් තමයි. හොරකම් කර තිබෙන්නේ ලක්ෂ 5ක් පමණ. ඊට සුදුසු දඩුවමක් දෙන්න. හැබැයි නමුත් මේ ළමයා විනසා කරන්න එපා. මෙයා වටිනා නිර්මාණශීලී රටට වැදගත් සේවයක් ලබා ගැනීමට යොමු කළ හැකි ළමයෙක්. හිතන්න අවුරුදු 18 ක දුප්පත් දරුවෙක් පරිගණක තාක්ෂණයෙන් කොපමණ ඉදිරියකට කාගෙන්වත් මග පෙන්වීමක් නොමැතිව ස්වයන් අධ්‍යයනයක් මගින් ගොස් තිබෙයිද කියා. හොඳ විනියක් ඇතිව මේ දරුවා ලස්සනට හදන්න පුළුවන් ජාතික නිර්මාණකරුවෙක් විදියට. එම නිසා වරදට දඩුවම් දෙන අතරම මොහු නැවත එවැනි දුරමාර්ගයකට යාමට ඉඩ නොදී කුමන හෝ විදියකින් පුනුරුත්තාපනය කර දිදුලන මලක් කරන්න. එසේ කළ හැකියි.

:       0       3

Lalith M Sunday, 08 January 2023 09:36 PM

මොහුගේ නිර්මාණශීලී බව ප්‍රයෝජනයට ගන්න. අපරාධය පිළිබඳව වෙනම හිතන්න ඕන. අති දක්ෂ පුද්ගලයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site