(සුජිත් හේවාජුලිගේ)
තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක බදු සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
බදු අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා මේ කාරණය සම්බන්ධයෙන් අවධානය මෙසේ යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මේ අතර වෛද්‍යවරුන් ඉංජිනේරුවන් නීතිඥයන්, සරසවි ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අධික බදු අය කිරීම නිසා රට අතහැර යෑමේ සූදානමක් පවතින බවට බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.
බදු අය කිරීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී බදු සංශෝධනයක් සිදුවිය හැකි බවට ඉඟි පළ කළේය.
එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළ බවත් අද සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්ත බවත් ඔහු සඳහන් කළේය
කෙසේ වෙතත් ආණ්ඩුව මේ කාරණය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවූරු කෙසේ කීවත් ඔය කියන අයගේ බදු සම්බන්ධ ජනතා මතය නාමොලේ අදහස් කරන දෙය නොවෙයි ඒක ජනතා මතය විමසා බැලුවොත් තේරුම් ගැනීමට පුළුවන්. විශේෂයෙන් PP කරන සේවාවල අයගේ ක්‍රියාකාරිත්වය ගැන ජනතාව ඉතාමත් කේන්තීයෙන් තමයි ඉන්නෙ.
They have started to deduct 5% from fixed deposit income for the first time from January 2023. This effects the livelihood of senior citizens who lives on fixed deposit income.
ඇයි රජයට වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල කතිකාචාර්ය වරුන් වගේ බදු වලට විරුද්ධ අයගෙ බදු අඩුකර අනිත් අයගේ(දුප්පතුන්ට වැඩිපුර වැට් බදු) බදු වැඩිකරන්න! නමුත් ඒ අයගෙන් ප්‍රතිඥාවක් ගන්න ඕන ඒ අයගේ ගෙවල් අනිත් අය ගිනි තියන්න ආවොත් පොලිස් ආරක්ෂාව ලැබෙන්නේ නෑ කියලා! මොකද වැඩි ආද බදු ආදායම් වැඩි අයට ගහන්නෙ ඔවුන්ට ආරක්ෂාව වැඩිපුර ඕන නිසා!
බදු ඉවත් කරන්න නෙවෙයි කියන්නේ . අවම සීමා 150000වත් කර 20,36% වගෙ ප්‍රමාණ අඩු කරන්න .නැත්නම් බුද්ධි ගලනය නවත්වා ගන්න බැරි වෙයි . එ වගෙම බිලියන ගනන් ණය ගත් අයගෙ ණය කපා හැරීම නතර කල යුතුය .
මෙහෙම අසාධාරණ ලෙස බදු අයකිරීමට යෝජනාකළ ක්‍රියාත්මක කළ හැමකෙනාටම හෙන හතම වැදියන්...!
තොරතුරු තාක්ශන ( IT ) විශාල පිරිසක් දැනටමත් රට හැරගිහින්. ලන්කවට ඩොලර් මිලියන ගනනක් එන projects ලංකාවට අහිමිවීමේ තර්ජනයක් තියෙනවා.
ලංකාවේ මෙතරම් බුද්ධිමතුන් ඉන්නවා නම් රටට මෙම තත්වය උදා වන්නේ නැහැ. වැඩවසම් ක්‍රමය එපා. සියලු දෙනාටම එකසේ රජය සැලකිය යුතුයි.
රනිල් ගේ නෝනත් විශ්ව විද්‍යාල මහාචාර්ය. ජනවාරි බදු කපලද මන්ද?
බදු නිසා රට හැර යන්නේ බදුවලින් බේරෙන්නද? මොනරටේද බදුවලින් බේරෙන්න පුළුවන්? ඒ රටවල වැටුප අතට ලැබෙන්නේ 30% හෝ ඉහලට බදු අඩුවෙලා. ඊට පසුවයි GST බදු එන්නේ. ගිහිල්ල බලපල්ලා මොකද වෙන්නේ කියලා.
බදු වැඩි කළා කියලා පෙරකදොරුවා රට අතඇරලා යනවද? ඔවුන්ට පිටරට ගිහින් මේ විදියට ගරාගන්න පුළුන්ද? චැනල් දොස්තරලා ගැන කියන්න තිබෙන්නෙත් මේකම තමා. බලයක් නැති අපි පමණද බදු ගෙවන්න ඕනි?
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මුන්ට අනිවාර්යයෙන්ම බදු ගහන්න ඕනි. එහෙම නැත්නම් කෝටි ගණන් සල්ලි හම්බකරලා සැප විඳිනවා. වෘත්තිකයේ රට හැරලා යන්න ඕන රකටකට ඕන තරම් වෘත්තිකයෝ හදන්න පුළුවන්. අපේ රටේ ඕන තරම් වෘත්තිකයෝ ඉන්නවා ජොබ් නැතුව රජ්‍ය සේවයේ.
සියලුම මාසික වේතන උපයන්නන්ගෙන් සාධාරණ බද්දක් අයකු යුතුයි. ඉහල වෘත්තීය සුදුසුකම ලබන්නට ඒ අය කල කැපකිරීම මහන්සිය සාමාන්‍ය ජනතාව ගත්තේ නෑ. සැමෝටම නිදහස් අධ්‍යාපනය ලැබෙනවා. එයින් නිසි ඵල ගත් ඉහල වෘත්තීන්වල ඒ අයගෙන් ඉහල බදු අයකිරීම අසාධාරණයි.
ඔය වෘත්තිකයන් සම්පූර්ණයෙන්ම බදු බරින් නිදහස් කල හැකියි! නමුත් ලංකා නීතියේ පිහිට ඔවුන් හා ඔවුන් ගෙ පවුල් වලට නෑ! ප්‍රථිඵලය: ඒ කාටවත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර නිකුත් කිරීම, ඔවුන් මුදල් ගෙන බැංකුවෙන් පිටතට ආ විට එය පැහැර ගැනීම, කප්පන් සඳහා ලමයින් පැහරගත් විට ක්‍රියා කිරීම, උසාවියේ පිහිට... ඔය විදියට කිසි නීති පිහිටක් නෑ! කැමති කෙනෙක්ට ඔවුන්ට විරුද්ධව ඕන අපරාධයක් කරන්න පුළුවන් දඩුවම් නොලබා! දුප්පතුන් වෙනුවෙන් අපි හමුබුකරන දේ රජයට බදු වශයෙන් අපි දෙන්නේ මොකටද, දේශපාලඥයන් ඒවා හොරකම් කරන විට! බොහෝ වෘත්තිකයින්ගේ ආදායම් බදු නොගෙවීමට ඒකයි තර්කය!! බලන්න රටවැසියකුට නීතියේ පිහිටේ වැදගත්කම! ඔවු දේශපාලඥයන්, පොලීසි, උසාවි, රජයේ සේවය දූෂිතයි, නමුත් බැංකුවෙන් එලියට එන විට මුදල් සොරාගෙන දුවන්නෙ ඉතාමත්ම කලාතුරකින්, නමුත් නීතියේ පිහිට නැති නම් හැම විටම එය වෙනවා. මේ කරුණ අධ්‍යාපනයේ දී ළමයින්ට කුඩා කල සිටම උගැන්විය යුතුයි නීති ගරුක සමාජයක් සඳහා!