
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විපක්ෂය බලය පිහිටුවීම ගැටලුකාරී වී ඇතැයි වාර්තාවේ.
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවී බලය පිහිටුවා ඒ ගමන සාර්ථක වුවහොත් ඉදිරි ප්‍රධාන මැතිවරණවලදීද එවැනි සම්මුතියකට ඉල්ලීම් ඉදිරිපත් විය හැකි හෙයින් එය ආරම්භයේදීම වැළැක්විය යුතු බව ඇතැම් ප්‍රධානීන්ගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත.
මේ තත්වය යටතේ කොළඹ මහනගර සභාවේ බලය විපක්ෂයට ගැනීම අවදානමට ලක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබෙද්දී සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන් හැට නව දෙනෙකු හිමිවිය.
සභික ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් ඇත්තේ විපක්ෂයටය.
කෙසේ වෙතත් අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළේ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය නුදුරේදීම පිහිටුවන බවයි.
කොළඹ මහ නගර සභාවේ තනි පක්ෂයක් ලැබූ වැඩිම සභික ධූර සංඛ්‍යාව ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් කැමැත්ත පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු හොරු සමගම හෙලුවෙන් එක්වෙයිද?
එක්සත් ජාතික පක්ෂයට අපි චන්දය දුන්නේ ඔය හොරිකඩ සමගි බලවේගය එකතු වනාන්තර නොවේ ස්වාධීනව කටයුතූ කරන්න. එය එසේ නම් සජබයටම ඡන්දය දෙන්න තිබුනානේ?
අපි දන්නවා ඔය නායකයා කවුද කියලා, ඔය නායකයාගේ මෝඩ තීරණ නිසාම තමයි ගෝටා සහ දැන් ආණ්ඩුව බලයට ආවෙත්, එක්සත් ජාතික පක්ෂය දුර්වල වුනෙත්. ඔය පක්ෂයේ සාමාජිකයින්ට මම කියන්නේ මොළේ පාවිච්චි කරලා ඔය මෝඩ නායකයා පන්නලා ආපහු එක්සත් ජාතික පක්ෂයට ඇවිත් සංවිධානය වෙලා බලය අල්ලන්න කියලා. ඔය මෝඩයා පස්සෙන් ගියොත් ඊළඟ මැතිවරණයත් පරදිනවා...
පොහොට්ටුව එක්ක එකතු වුනොත් සජිත් ඔබට ආයිත් නම් දෙන්නෑ. ඒක ස්ථිරයි.
අන්දරේ බලයට කෑදර මනුෂ්‍යෙයක් මිසක්, එකතු වෙලා දෙවෙනි වෙන්න කැමති කෙනෙක් නෙමේ... තනියම රජ වෙන්න හදන චරිතයක්. ඒ නිසා, අන්දරේ එක්ක දීග කන්න යන එක නිවට කමක්...!
සමඟි ජන බලයට දීල තියෙන 21% ප්‍රතිශතේ තනි ඉලක්කමකට එනවා ඊලඟ ඡන්දෙදි .ඔහොම මැන්ටල් වැඩ කරොත්.
එජාපෙයි, සජබෙයි එකතු වෙන්නම ඕන වෙලාවක් මේක. Now or Never තමයි ඉතින්.
මේ රට සංවර්ධනය කරන්නේ මාලිමා ආන්ඩුවකින් පමණමයි. ඒ නිසා ඔය එක එක රූකඩවලච රැවටෙන ජනතාවක් දැන් රටේ නැත.
ඡන්දයට කලින් බැරිඋනා නම්, ඡන්දයට පසුව හැකිවන්නේ කෙසේද? එය ප්‍රතිපත්තියක් නැතිකම නොවේද?
මේ කියන ලොක්කා සජිත් හෝ ඔහුගේ ගෝලයෙක්ද? රංජිත් මද්දුම බණ්ඩාර නම් එකතුවෙනවා කියන එකයි තිබුණේ. සජිත් කණ්ඩායම නම් බෑ කියන්නේ දිගු කාලීනව හරි වෙන්න පුළුවන්. නමුත් කෙටි කාලීනව මෝඩ වැඩක්. 2022දී ගෝඨාභය අගමැතිකම දෙන්න කතා කරාමත් ඔය ටිකම තමයි කරේ. උපාය මාර්ගික මට්ටම කියන එක සජිත්ට අඩුයි. මේ වෙලාවේ තමන්ගේ පක්ෂයේ කෙනෙක් පුරපති කරගන්නත් පුළුවන්කම තියෙද්දී තමුන්ගේ පුද්ගලික අනාගතය හිතලා පක්ෂය දෙවනුවට දැමීම සාර්ථක නායකත්වයක් නොවෙයි. එයා හිතන්නේ සදාචාරය හෝ හොරු දූෂිතයින් කතා ගැන නොවෙයි. එයා හිතන්නේ ඕක කරොත් මට මොකද වෙන්නේ කියලා.
නගර සභාවක බලය අල්ලා ගත්තාට වඩා තමන්ගේ අනන්‍යතාවය විනාශ කරගන්නවා මේ අය, ආත්මයක් නැති පක්ෂ වලට ඕවා ගාණක් නැහැ.
ඔය උද්දච්ච මෝඩයා එක්ක සජබෙට ගමනක් නැහැ. ඒ බව තවත් තේරුම්ගන්න බැරි නම් ඔවුන් බත් කන හරක්ම වෙන්න ඕනෑ.
ඔය එකතු වෙන්න බෑ කියන අයගේ නම් ටික දාපන්කෝ අපිත් ආසයිනේ. ඔවුන්ව ඊළඟ පාර පාර්ලිමේන්තු යවන්නේ නැතුව අවුරුදු 20ක් විතර ගෙදර තිබ්බා නම් ඔය පඬි ගති ටික ඇරිලා යාවි...
සමඟි වෙන්න බෑ කියන අයගේ බැංකු ගිණුම් බලාපල්ලා. පැලවත්ත කාර්යාලෙන් කෝටි ගාණක් හම්බෙන්න ඇති...
Peduru ඔහේ ඡන්දේ දුන්නේ මාලිමාවටනේ. මහ එකා වගේම පචෝරිස්ලා තමයි එයාගේ ගොට්ටෝ ටිකත්...!
නයි, පොලොංගු, මුගටි ටික එක කොටයකට ගොඩවෙන්න හදන්නේ... උන්ට ගොඩයන්න.
ඔච්චර වටේ යන්න අවශ්‍ය නෑනේ, මෝඩ නායකයාගේ නම කියන්න බයද?.. ඔයා කජු සීයාගේ ගොට්ටෙක් කියලා දැන් අපි හැමෝම දන්නවා...