
(අංජුල මහික වීරරත්න)
2025 කොලොන්නාව සංවර්ධන සැලසුම අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ලබා දෙන්නැයි කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු රැස්වීම, අද (03) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
විමධ්‍යගත අයවැයෙන් කොළොන්නාව පළාත් පාලන ආයතන වෙත වෙන් කර ඇති මුදලට අදාලව සංවර්ධන වැඩසටහන් සැලසුම අප්‍රේල් මාසය ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යාරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2025 - 2035 වසර දක්වා යෝජිත කොළොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව නගර සැලසුම් පිළිබඳවත්, කොළොන්නාව සංවර්ධන සැලසුම් පිළිබඳවත්, ප්‍රදේශයේ පවතින අනෙකුත් ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලොන්නාව සංවර්ධනය නම් කුඩු සහ මුලින් නැති කිරිම සහ අවිධිමත් නිවාස ඉවත් කර සුදුසු නිවාස ක්‍රමයක් ඇති කිරිමයි...