IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළොන්නාව ආපදා කමිටු 24 දාට පෙර හදන්න

(අංජුල මහික වීරරත්න)

ආපදා කමිටු එළඹෙන 24 වෙනිදාට පෙර ප්‍රතිසංවිධානය කර අවසන් කරන්නැයි  කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

කොලොන්නාව ගංවතුර පාලනය කිරීම පිළිබඳව හා වැසි කාලය එළඹීමත් සමඟ ඇති විය හැකි හදිසි තත්ත්වයන්ට සූදානම් වීම පිළිබඳව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවැති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී අදහස් දක්වමින් කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා  පැවසුවේ පවතින වැසි කාලගුණයත් සමඟින් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට මුහුණ දීම වෙනුවෙන් අවශ්‍ය සියලුම කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙසයි.

ග්‍රාමීය ආපදා කමිටු එළඹෙන 24 වැනිදාට පෙර ප්‍රතිසංවිධානය කර ගංවතුර පාලනය කිරීම වෙනුවෙන් හා ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කර , එම සැලසුම් 26 වැනිදා රැස්වීමට නියමිත කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ලබාදෙන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

කොළොන්නාව ආපදා කමිටු 24 දාට පෙර හදන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site