
(සුමිත් පොතුපිටිය)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර නාගොඩ ගම් සභා පාරේ නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර - බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිව තිබේ.
තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුව ජනාධිපතිවරණය, මහමැතිවරණය බොහොම සාමකාමීව පැවැත්වූවා, එක වෙඩිල්ලක්, ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුනේම නැති තරම්, යුරෝපේ රටක වගේ ඡන්දය, එත් මේ ආණ්ඩුව ආවාම, පොරොන්දු හුළන්ගේ ගිහින් තිබුණ ටිකත් නැති වෙලා
අනිවාර්යයෙන්ම ඩුබායි සැඟවී සිටින කල්ලියකගේ කොන්ත්‍රාත් එකක් කුලී කාරයන් දමලා මහ මොලකරු පාතාල නායකයෙක් (පොලිස්පොතින් උපුටා ගැනීමකි
මුළු දිවයිනේම ශූටින් ප්‍රැක්ටිස් තමයි. නියමයි.