IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කළුතර ප්‍රා. සභා විදුලි සේවකයා ඝාතනය කර ඇත්තේ වැරදීමකින්

(සුමිත් පොතුපිටිය , දයා හේමන්ත සිල්වා සහ බිමල් ශ්‍යාමන්  )

කළුතර  ප්‍රාදේශිය විදුලි සේවකයකු  සිය නිවසේදී  කපාකොටා ඝාතනය කර ඇත්තේ අත් වැරදීමකින් බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් හෙළිව ඇති බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

කළුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවක, දෙදරු පියෙකු වූ සුගත් ප්‍රසංග මහතා  පදිංචිව සිටී කළුතර පනාපිටියේ පිහිටි  නිවසට  පසුගිය 7 වැනිදා අළුයම තියුණු ආයුධ රැගෙන කඩාවැදුන පිරිසක්  දොර කඩා දරු දෙදෙනා ඉදිරිපිටදී  කපාකොටා ඒ මහතාව ඝාතනය කර බිරිඳ ට  කඩු ප්‍රහාරයක් එල්ලකර පලාගොස් තිබුණි.

ඒ අනුව පරීක්ෂණ කල කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතා ඇතුළු නිළධාරීන්  ප්‍රදේශයේ සීසීටීවී දර්ශණ පරීක්ෂා කිරීමෙන් පසු  කළුතර මෙනේරිතැන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (3)

කළුතර ප්‍රා. සභා විදුලි සේවකයා ඝාතනය කර ඇත්තේ වැරදීමකින්

maalaka Friday, 13 June 2025 10:32 AM

මොන අපරාධයක්ද? සිද්ධියට සම්බන්ධ සැමට දැඩි දඬුවම් හා ඔවුන්ගෙන් උපරිම වන්දි ලබා දෙන්න

:       0       21

Bunny Preena Friday, 13 June 2025 11:26 AM

ඝාතාන හොඳ ක්‍රියාවක් නොවේ. වැරදීමකින් කලත් ආයෙත් ගිය පණ ගන්න බැහැ. මේ අපරාධකාරයෝ මොන හැඟීමකින් මිනිසුන්ව කපා කොටා දානවද කියලා හිතාගන්නවත් බැහැ. මොවුන්ව වපු අයටත් , ආගම දහම අදහන්නේ නැති, කිසිම චාරයක් නැති අශිෂ්ඨයින් වෙන්න ඕනේ. මෙවුන්ට මරණ දඬුවමටත් ඉහළ දරුණු දඬුවමක් දෙන්න ඕනේ.

:       0       23

බකල ජයාFriday, 13 June 2025 01:23 PM

ආගම දහම අදහනව කියල ලෝකෙටම පෙන්නගෙන හිටපු මාපිටිගම බුද්ධ රක්ඛිත, තල්දූවේ සෝමාරාම, පූජක මැතිව් ගැන මොනවද කියන්න තියෙන්නේ?

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site