
(සුමිත් පොතුපිටිය , දයා හේමන්ත සිල්වා සහ බිමල් ශ්‍යාමන් )
කළුතර ප්‍රාදේශිය විදුලි සේවකයකු සිය නිවසේදී කපාකොටා ඝාතනය කර ඇත්තේ අත් වැරදීමකින් බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් හෙළිව ඇති බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
කළුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවක, දෙදරු පියෙකු වූ සුගත් ප්‍රසංග මහතා පදිංචිව සිටී කළුතර පනාපිටියේ පිහිටි නිවසට පසුගිය 7 වැනිදා අළුයම තියුණු ආයුධ රැගෙන කඩාවැදුන පිරිසක් දොර කඩා දරු දෙදෙනා ඉදිරිපිටදී කපාකොටා ඒ මහතාව ඝාතනය කර බිරිඳ ට කඩු ප්‍රහාරයක් එල්ලකර පලාගොස් තිබුණි.
ඒ අනුව පරීක්ෂණ කල කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතා ඇතුළු නිළධාරීන් ප්‍රදේශයේ සීසීටීවී දර්ශණ පරීක්ෂා කිරීමෙන් පසු කළුතර මෙනේරිතැන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අපරාධයක්ද? සිද්ධියට සම්බන්ධ සැමට දැඩි දඬුවම් හා ඔවුන්ගෙන් උපරිම වන්දි ලබා දෙන්න
ඝාතාන හොඳ ක්‍රියාවක් නොවේ. වැරදීමකින් කලත් ආයෙත් ගිය පණ ගන්න බැහැ. මේ අපරාධකාරයෝ මොන හැඟීමකින් මිනිසුන්ව කපා කොටා දානවද කියලා හිතාගන්නවත් බැහැ. මොවුන්ව වපු අයටත් , ආගම දහම අදහන්නේ නැති, කිසිම චාරයක් නැති අශිෂ්ඨයින් වෙන්න ඕනේ. මෙවුන්ට මරණ දඬුවමටත් ඉහළ දරුණු දඬුවමක් දෙන්න ඕනේ.