IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෙහෙළිය පවුලටම මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා  සිතාසි  ලැබුණු පසු කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංක ඒස් බෝදරගම මහතා හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම පවුලේ සැකකරුවන් හය දෙනෙකුට  අද නියෝග කළේය.

සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් මුදල් විසුද්ධි කරන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් රඹුක්වැල්ල ඇතුළු පවුලේ හය දෙනෙකුට  එරෙහිව  අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ගොනුකල පැමිණිල්ල  කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

ඇප මත සිටින හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල,ඔහුගේ බිරිඳ වෙන කුසුම් ඈපා වීහේන , දියණියන් වන චන්දුලා රමලි  රඹුක්වැල්ල, චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල ,අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් ට කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකොට ඇති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ නියෝග කෙරිණි.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා මුදල් විසුද්ධීකරණ පනතේ හතර හා තුන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට ඇතිි බව අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (2)

කෙහෙළිය පවුලටම මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 09 September 2025 01:25 PM

කරලා තියෙන හොරකම්වලට මුළු පවුලම පරම්පරා හතක් කටු ඉඹුලේ නග්ගල තිබ්බත් මදි. කක්කා හෝදන කවුරුවත් නැද්ද මේ පවුල බේරගන්න?

:       1       6

බකල ජයා Tuesday, 09 September 2025 01:52 PM

හිරගෙදර "family suites" තියෙනවද? එතකොට පවුලටම පහසුයි. නැත්තං පව්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site