
(රෝෂන් තුෂාර)
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය වරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුතු සහ තවත් අයකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද ඇප නියම කළාය.
හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ,අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල හා සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක සැකකරුවන්ට මෙසේ ඇප නියම කෙරිණි.
හිටපු අමාත්‍යවරයාට හා පුතුට නඩු තුනක් පවරා තිබූ අතර එම එක් එක් නඩුවට රුපියල් පනස්දහස බැගින් මුදල් ඇප හයක් හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් ශරීර ඇප දොළහක් මත සැකකරුවන් මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළාය.
නඩු දෙකක තෙවන සැකකරු ලෙස බස්නායක යන අය නම් කර තිබූ අතර ඔහුට රුපියල් 50000 බැගින් වූ මුදල් ඇප දෙකක් හා මිලියනය බැගින් වූ ශරීර ඇප හතරක් නියම කරමින් විදෙස් ගමන් ද තහනම් කළාය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන තත්ත්වය හැටියට කෙහෙළියට වන්දි ගෙවන්න වෙනවා.
දුව ඇතුළට යන්නෙ කවදාද?
මේ යන විදියට ලෝයර් ලා ෆැමිලි පැකේජ් හදයිද දන්නෑ!
රටේ අනාගතය ගැන වැඩි සැලකිල්ලක් නොගෙන තරඟයට දේශපාලන පළිගැනීමේ අමුතුම සංස්කෘතියක් ආණ්ඩුව විසින් ඇතිකර ඇත
කෙහෙළිය රටේ අනාගතය ගැන වැඩියෙන් සලකලා තමයි බාල බෙහෙත් මිනිස්සුන්ට දුන්නේ. මිනිස්සු මැරුණේ, ඇස් අන්ධ වුණේ වැඩි සැලකිල්ල ඈලියාවට ගිහින්. මොවුන් වගේ තක්කඩින්ට කඩේ යන හැතිකරයකුත් රටේ ඉන්නවනේ අනේ අම්මපා...!
බොහෝදුරට බෝට්ටුවකින් රටින් පනින්න ඉඩ තියනවා. ඒ ගැන වග බලාගත යුතුයි...
@prasanna අල්ලද්දී කෙදිරි ගානවා, අල්ලන්නෙ නැති වෙනකොට කෝ හොරු ඇල්ලුවද අහනවා
@kasun දැන් එතකොට කෙහෙලියව ඇතුලට ගත්තේ පච කොටා ජනාධිපති උනාට පස්සෙද?