IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෙහෙළියගේ නඩුවට පුතාවත් සැකකරුවකු කරයි

(රෝෂන් තුෂාර)

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවාගෙන ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ඇමතිය කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සැකකරු ලබන 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කළාය.

මෙම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස කේහෙලිය රඹුක්කුවැල්ල මහතාගේ පුත් රමිත් රබුක්වැල්ල නම් කරන බවට අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රමිත් රඹුක්වැල්ලට හෙට දිනයේ දී අල්ලස් කොමිසම වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කළාය.

රමිත් රඹුක්වැල්ල අසනීප තත්වයේ පසුවන බැවින් අල්ලස් කොමිසමට වෙත ඉදිරිපත් නොවූ බව ඔහුගේ නීතිඥවරයා අද අධිකරණයට ප්‍රකාශ කළේය.



අදහස් (4)

කෙහෙළියගේ නඩුවට පුතාවත් සැකකරුවකු කරයි

maalaka Tuesday, 20 May 2025 12:44 PM

බලගෙන යනකොට, නීතිය ක්‍රියාත්මක වෙනකොට, ඔක්කොම ලෙඩ්ඩු!

:       1       23

විපරමා Tuesday, 20 May 2025 01:03 PM

බීලා වැඩිවෙලා ගුවන් යානයේ දොර අරින්ඩ ගිහින් මහා ලොකු කලබගෑනියක් කරපු එකා. මහ එකා වගේම ඇතිනේ?

:       2       22

ලයන් Tuesday, 20 May 2025 01:33 PM

කරන කලට පව් මිහිරිය මීසේ ගෙවනකලට දුක් දැඩි වෙයි ගිනිසේ.

:       0       14

fairoos Tuesday, 20 May 2025 07:09 PM

අනේ පව් තොත්ත බබාලා.. රට බංකොළොත් කරපු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඔක්කොම ටිකට පවුල් පිටින් නඩු දාන්න ඕනෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site