IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කහවත්ත තරුණයා ඝාතනයට තවත් තරුණයන් දෙකක් රිමාන්ඩ්

(ලසන්ත නිරෝෂණ පෙරේරා) 

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු ලබන 28 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි  පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය.

කහවත්ත පලන්සුරියගම හල්ලිද ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නම් තරුණයා ඉකුත් 30 වනදා රාත්‍රී කහවත් ඇන්දාන මාර්ගයේදි ප්‍රදේශයට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එම ඝාතනය සම්බන්ධයෙන්  බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනකුගෙන් දෙදෙනකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (16) වනදා ඉදිරිපත් කර රැදවුම් නියෝග අනුව ප්‍රශ්න කිරිමටත් අණෙක් සැකකරුවන් දෙදෙනා 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර තිබුණි.

ඒ අනුව අද පිටිපන උතුර පදිංචි කේ.රමේශ චින්තක සහ වටරැක පදිංචි ඒ.දුලාන් ධන්නංජය යන සැකකරුවන් දෙදෙනා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කළේය. 

 



අදහස් (1)

කහවත්ත තරුණයා ඝාතනයට තවත් තරුණයන් දෙකක් රිමාන්ඩ්

maalaka Friday, 18 July 2025 05:56 AM

වෙඩික්කරුවන් පමණක් නොව, කුමන්ත්‍රණකරුවන්ද නීතියෙන් දඬුවම් කරනු ලබනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මරණ දඬුවම් ක්‍රියාත්මක කලානම් මෙවැනි සිද්ධීන් 90%ක් නවතිනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site