IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කෙහෙල්බද්දර පද්මේ ගෝලයෝ දෙන්නෙක් සමග මාට්ටු?

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ප්‍රබල පාතාල සාමාජිකයකු  ලෙස සැලකෙන කෙහෙල් බද්දර පද්මේ සහ ඔහුගේ ප්‍රධානම ගෝලයන් බව කියන කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව යන අය මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තාවේ.

මැලේසියාවේ ක්වාවාලාරම්පූර්හි සුපිරි හෝටලයක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී තිදෙනා අත්අඩංගුවට පත්ව  ඇතැයි බුද්ධි අංශ නිලධාරියෙක් සඳහන් කළේය.

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවක් තුළදී ගණේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයා ඝාතනය කිරීම කෙහෙල් බද්දර පද්මේ නමැත්තාගේ කීමට සැලසුම් කර ඇතැයි කියන්නේ ද කමාන්ඩෝ සලින්ද නමැත්තා බව කියති.

සලින්ද නමැත්තා යුද හමුදා කමාන්ඩෝ බළකායේ රාජකාරී කරමින් සිටියදී එයින් පලා ගිය අයෙකි.

කොමාන්ඩෝ සලින්ද මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඩුබායිවලට පලා ගිය අයකු බව ද පොලිසිය කියයි.

ඩුබායි සිට ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර පසුව කෙහෙල් බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව නමැත්තන් මැලේසියාවට පලා ගොස් ඇති බව බව ද පැවැසේ.

ඩුබායි රටේ තවදුරටත් සැඟව සිටීම අනාරක්ෂිත නිසා මෙසේ මැලේසියාවට පලා ගොස් ඇතැයි ද පැවැසේ.

 



අදහස් (3)

කෙහෙල්බද්දර පද්මේ ගෝලයෝ දෙන්නෙක් සමග මාට්ටු?

Perera Thursday, 10 July 2025 04:21 AM

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක නොකළොත් මේ වගේ එවුන්ගෙන් කාටවත් සැනසීමක් නැහැ...

:       0       0

Krishan Thursday, 10 July 2025 07:32 PM

ගනේමුල්ලෙ සංජීව ඝාතනය කළාට පස්සේ සංජීවගේ අය රිටර්න් එක දෙයි කියලා බයට පැන්නා. ඒ කියන්නේ පාතාලයේ කොච්චර කෙරුමෙක් වුණත් පන බය නිසා පැන්නා කෙහෙල් බද්දර පද්මෙත් අවසානය කරා යමින් ඉන්නවා වගේ..

:       0       3

Bunny Preena Friday, 11 July 2025 09:28 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site