IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කෙහෙල්බද්දර පද්මේට හොර උප්පැන්නක් හැදූ නිලධාරිනය රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

කල්ගත වූ උප්පැන්න ලියාපදිංචි කිරීමේ රෙගුලාසිය අවභාවිතා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලියාපදිංචිකර නිකුත් කළේ යැයි කියන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ථාර් රුවිනි වාසනා සැකකාරිය ලබන 28 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද  නියෝග කළාය.

අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන්, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකාරිය ඉදිරිපත් කරමින් කියා සිටියේ රාජ්‍ය නිලධාරියකුව සිටිමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමට ආධාර අනුබල දෙමින් දණ්ඩ නීති සංග්‍රහයේ හා ආගමික විගාමික පනතේ වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවය.

 

 



අදහස් (7)

කෙහෙල්බද්දර පද්මේට හොර උප්පැන්නක් හැදූ නිලධාරිනය රිමාන්ඩ්

Perakum Liyanagama Thursday, 24 July 2025 08:11 PM

මෙය කිසිසේත්ම ඇය තනිවම කරන ලද්දක් විය නොහැක. ඒ සඳහා ආධාර අනුබල සහ නියෝග දුන් සියලුදෙනා කොටුකර ගත යුතුයි...

:       4       44

Ahmed (Gulf) Friday, 25 July 2025 01:16 AM

නීතිය,... කොහොමද සිරිලිය...?

:       1       4

රුවන් Friday, 25 July 2025 08:23 AM

ඔය පද්මේ කියන්නේ හාල්මැස්සෙක් මෝරා තෝරා බලගතු චරිතයක් වෙන්න ඕනේ. නැත්තං මෙහෙම දෙවල් සාමාන්‍ය පාතාල සාමාජිකයෙකුට කරන්න බෑ.

:       2       4

රනේ Friday, 25 July 2025 08:29 AM

රාජ්‍ය නිළධාරී සමස්ථයෙන් 25%ක් විතර දූෂිතයන් බවත් 3%ක් පමණ අන්ත දූෂිතයන් බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.. හරිම දුකයි, රටට වෙච්චි දෙයක්!

:       0       6

ජිල්බු Friday, 25 July 2025 03:27 PM

ඔබ දත්ත සොයාගත් මූලාශ්‍ර සඳහන් කරන්න පුළුවන්ද? යාලුවෙකුට අහන්නේ.... ලොකු උදව්වක්... යාලුවාගේ දත්ත කියන්නේ 100% කියලාලු...

:       0       3

Bunny Preena Friday, 25 July 2025 10:02 AM

කිසිම ලජ්ජාවක් නැති සල්ලි දෙනවනම් ඕනෑම දහ ජරා වැඩක් කරන්ට ලැහැස්ති එවුන් තවත් ඉන්නවා. රොත්තා පිටින් උන්ව අල්ලලා හිර ගෙදරට යවලා විතරක් මදි, ඔවුන්ගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා, ඔවුන් පිළිබඳ විස්තර — නම, ගම, ලිපිනිය, ඡායාරූප — සහිතව ජාතික පුවත් පත්වලින් ප්‍රසිද්ධ කරන්නත් ඕනා. එතකොටවත් මෙවැනි දේවල් යම් තරමක් දුරකට වැලකෙයි.

:       0       8

Upul Friday, 25 July 2025 03:34 PM

එතකොට අර පංචායුධ වංශටයි, අඹුවටයි හොර අයිඩෙන්ටි පාස්පෝට් හදපු අයට මුකුත් කරන්නේ නැතෙයි?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 346 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1630 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site