
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමල වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් මහාධිකරණයට යොමු කර ඇති ඇප අයැදුම සලකා බලන තෙක් හිමිවරු ඇතුළු දස දෙනා වැනි දා 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා අද නියම කළේය.
සැකකාරය හිමිවරු සිව් නම ඇතුළු දසදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව, මහේෂ් කොටුවැල්ල, තිස්ස යාපා, සංජීව වීරවික්රම, මධුමාලිද අල්විස්, මනෝජ් අරවින්ද සෙබස්තියෙන් යන මහත්ම මහත්මින් මහේස්ත්‍රාත් හමුවේ පවසමින් කියා සිටියේ අදාළ ඇප අයදුම සලකා බැලීම සදහා දින දෙකක් කල් ගතවන බවට මහාධිකරණය දන්වා ඇති බව කීහ.
මෙහිදී නීතිඥ මණ්ඩලය මහේස්ත්රාත්වරයාගේ අවධානය යොමු කරමින් පැවසුවේ හිමිවරුන්ට නියමිත වේලාවට දාන වේල නොලැබෙන බවය.
නීතිඥ මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත් අවසරය මත විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කළ බලන්ගොඩ කස්සප හිමියෝ තමන් ඇතුළු හිමිවරුන්ට නියමිත වේලාවට දානය නොලැබෙන බවත් ඒ අනුව බන්ධනාගාරය තුළ බුද්ධ නීතියට පටහැනිව කටයුතු කිරීමට සිදු වී ඇති බවත් කීහ.
පෝය දින සිල් ගැනීමට යාමේදී බන්ධනාගාර අධිකාරීවරයා ඒ සම්බන්ධයෙන් විවිධ බාධා එල්ල කළ බවද බලන්ගොඩ කස්සප හිමි විවෘත අධිකරණයේ පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියමිත වේලාවට දානය ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
මෙහිදී කරුණු දැක්වූ සැකකාර ත්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියෝ තමන් වහන්සේට බන්ධනාගාර අධිකාරීවරයා නිරන්තර සහාය දක්වන බව කීහ.
මෙසේ යළි බන්ධනාගාර ගත වූයේ නැගෙනහිර භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බලංගොඩ කස්සප, ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නිලාවේලි බොරලුකන්ද රජමහා විහාරාධිකාරී ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස සහ ත්‍රිකුණාමලය ආනන්දාරාම විහාරවාසී ත්‍රිකුණාමලයේ නන්ද යන හිමිවරුන් සහ ත්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්. දිපානි, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති, සිංහල සංවිධාන එකමුතුවේ කැඳුම්කරු දුලාර ගුණතිලක, ලියනගේ තිලක් පෙරේරා, ඩික්මන් ජයරත්න හා එම්. සී. පියල් හේමසිරි යන අයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය පතුරවලා බන්ධනාගාර ගත වුණා මදිවාට, මෙතැන බන්ධනාගාරයේ අඩුපාඩුත් හොයනවා... අධිකරණයේ කාලයත්, රටේ ජනතාවගේ මුදලුත් නිකරුනේ වැය නොකොට එකවර අඩු තරමේ වසරකටවත් බන්ධනාගාර ගතකරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ සමාජ පිළල සමාජයෙන් තුරන් කළ යුතුයි. ඒ වගේම අනෙකුත් බන්ධනාගාර රැදවියන් මොවුන්ගෙන් ආරක්ෂා කරගත යුතුයි.
අපි බලමු වෙන්නේ මොකද කියලා. මේ ස්වාමීන් වහන්සේලාට බුදු පිළිමයට ඉහළල තිබුණ මුතු කුඩාය ආකූලල ගැහුවේ. රටම දැක්කා.
ඒ ප්රකාශයෙන්ම පෙනෙනවා මෙයාගේ සිල්වත් බව, පැවිද්දෙක් ලෙස කටයුතු කරනවා නම් ඔහොම සලකන එකක් නැහැ. දන් වලදන්න නම් පන්සලකට වෙලා ඉන්න ඕන ! බන්ධනාගාරය ඇතුළේ දානය දෙන්නේ නැහැ, හිර බත් දෙන වෙලාවට තමයි කන්න වෙන්නේ...!
සුපුන් බලලා ලොකුවටම කරයි. හරි බයක් දැනෙනවා.
කාලකන්නි ජෙප්පන්ට රෙදි නැතිව කඩේ යන අය තවමත් ඉන්නවා