
(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලැබ සිටින ය බළන්ගොඩ කස්සප හිමි මහේස්ත්රාත්වරයාට හා අධිකරණයට අපහාස වන ලෙස ප්‍රකාශයක් සිදු කිරීම හෙළා දකිමිණි ත්‍රිකුණාමල අධිකරණ සංකීර්ණයේ නීතිඥවරු අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ නිහඬ විරෝධතාවයක නිතර වූහ.
ප්‍රශ්නගත හිමිනම මාධ්‍ය හරහා කළ ප්‍රකාශයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදු වී ඇති බවත් මහේස්ත්‍රාත් නිකුත් කර ඇත්තේ නඩුවකට පෙනී නොසිටීම නිසා නීත්‍යනුකූල නියෝගයක් බවත් නීතිඥවරු මෙහිදී ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ත්‍රිකුණාමල ශාඛාවේ සභාපති නීතිඥ ඒ.එස්.එම් රපීස් මහතා පැවසුවේ ත්‍රිකුණාමල මහේස්ත්රාත්වරයාට හා අධිකරණයට හිමිනම කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතු බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස් ඩයස් පෝරා පෝරා
කස්සප හිමි එවැනි අපහාස කිරීමක් කරලා තියෙනවා නම් කාටවත් කිය කියා ඉන්නේ නැතුව ඔබතුමාලාට පුළුවන්නේ එම අපහාසයට විරුද්ධව නඩු මඟට බහින්න.
නීතිඥ සංගමයේ සංගමයේ මේවා දකින්නේ නෑ ඒගොල්ලෝ නිශ්ශබ්දයි.
කස්සපයා ගේ ක්‍රියා කලාපය අපි කාලයක් තිස්සෙ අත්දැකිමෙන් දන්නවා.ඔහු අදිකරණයට පවා අපහාස කරපු , රටේ නිතියට ගරු නොකරන දුෂ්ෂීල චීවරදාරියෙක් බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
Bar කාරයන්ගේ, ෆ්‍රී ජෝකරයන්ගේ නිහඬතාවය කන් බීරි කරවයි.