(ඉන්දිකා රාමනායක )
ග්‍රැන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් රාජකාරී කටයුත්තක් සඳහා යන බවට පවසා පමුණුගම ප්‍රදේශයට ගොස් පමුණුගම තල්දියවත්ත ප්‍රදේශයේ දිය නාමින් සිටි සිටියදි කොස්තාපල්වරයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පමුණුගම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එච් එස් හෙට්ටිආරච්චි (24) නමැති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහු බදුල්ල කෝට්ටේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ග්‍රැන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ. ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක මහතා ප්‍රමුඛ එම අංශය පොලිස් කණ්ඩායම පොලිස් තොරතුරු පොතේ සටහන් යොදා, රාජකාරී කටයුත්තක් සඳහා පිටත්වන බවට සඳහන් කරමින් ඊයේ (11) පමුණුගම ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිසිය සදහන් කරයි..
COMMENTS
නාන එකත් රාජකාරියක් වෙන්න ඇති...