
(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙකු තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැන වැදී ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධව එම නිළධාරිණිය විසින් ඉකුත් 12 දා ළමා හා කාන්තා කාර්යාංශයට කල පැමිණිල්ලක් අනුව උප පොලිස් පරීක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.
සිද්ධිය පිළිබඳව කාන්තා පොලිස් කොස්තාපල් වරිය තංගල්ල සහකාර පොලිස් අධිකාරි වරයා වෙතද පැමිණිලි කර තිබේ.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හෙට (15) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස් යි කිට් එක ගැහැව්වට යටින් තියෙන කෑලි ඒ විදියටම වැඩ කරනවානේ