
(එම්. සුසිල් පියන්ත)
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අතර තුර මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ හතරමංහන්දිය පදිංචි තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති විසිහත් හැවිරිදි තරුණයෙකි.
මත්ද්‍ර්‍ය සමග ඊයේ (1)අත් අඩංගුවට ගත් තරුණයා පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ අසනීපවී රෝහලට රැගෙන යද්දී මිය ගිය බව කොස්ගොඩ පොලීසිය කියයි.
මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බවද පොලීසිය කියයි.
තමාගේ පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොස්ගොඩ පොලිස් නිලධාරින් සිය පුතුට හොදටම පහරදුන් බව මිය ගිය තරුණයාගේ පියා වන නිමල් සිරිවර්ධන ද සොයිස මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ප්‍රශ්න බොහෝම කෙටියි; ඉවරයි.
මේ අවුරුද්දේ පොලිසියේදී තරුණ මරණ කීයක් වුණාද? පොලිසියේ අය මංකොල්ලකෑම් කරලා අහුවුණාද? පොලිසියත් පාතාල මැර කල්ලියක් වගේ අන්තයටම පිරිහිලා ඉවරයි, කෝ ආණ්ඩුව කියූ පුනරුදය...!
මේ අපේ කොල්ලො කොහොමද පොලිසියෙන් අතඩන්ගුවට ගත්ත ම මැරෙන්නෙ අනිවාර්‍යෙන් ම පතුරු යන්න ගහල නිසා අභ්‍යන්තර පිපිරීම් සිරුර තුල මේව අනුමත කරන්න බැහැ.... උනහපුලුවට එයා ගෙ පැටිය ලස්සනය්ලු....දෙමාපියන්ට තමන්ගෙ දරුවො වටිනව... පොලීසිය ට අය්තියක් නැහැ,,,ඒක කුඩ්ඩ මේක හොරා කියල ගහල මරන්න!! අධිකරණය තියෙන්නෙ තීරණ ගන්න!! මේව නැවතිය යුතුය්
ජරා පොලිසිය
ඉවසන්න පුරුදුවෙන්න. පුනරුදය මග එනවා. මොකද අවුරුදු 76 ක්ම අයාලේ ගිය රට මාස 6 න් හදන්න පුළුවන්ද? මීට පෙර හිටිය අයගේන් ඇහුවා නම් ගොඩක් ගැලපෙනවා. ගුණේ අයියාගේ කාමරේ ඇතුලට වෙලා ඉන්න...
තමන්ගේ දරුවන් හරියට හදාගන්න දන්නේ නැති මහ අයටත් අල්ලලා හොඳට තදි බාන්න ඕනේ. සමහර තාත්තලා, අම්මලා කුඩු ගහන්නේ, සුරා පානය කරන්නේ තමන්ගේ දරුවන් එක්ක.
පොලිසියට අහුවෙනවා කියන්නේ පනයන වැඩක් එහෙනම්.