(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ක්වාති විනිසුරුවරයකු රුපියල් ලක්ෂ දෙකකට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ඇත.
පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ පුත්‍රයකු විසින් ගොනුකර තිබූ දික්කසාද නඩුවකට අදාළව තීන්දුව ඉක්මනින් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා තීන්දුව ඉකුත් 19 වෙනි දින මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේදී ප්‍රකාශ කර එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබාදීමට අදාළ මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම යන චෝදනා මත ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ කාති විනිසුරු කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩං
ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදු
ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.
රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වව
ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.
දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ක්වාති විනිසුරු අල්ලස් ගනිද්දී මාට්ටු
fairoosmr Monday, 21 April 2025 05:44 PM
හැමතැනම අල්ලස්...