
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ක්වාති විනිසුරුවරයකු රුපියල් ලක්ෂ දෙකකට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ඇත.
පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ පුත්‍රයකු විසින් ගොනුකර තිබූ දික්කසාද නඩුවකට අදාළව තීන්දුව ඉක්මනින් ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා තීන්දුව ඉකුත් 19 වෙනි දින මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේදී ප්‍රකාශ කර එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබාදීමට අදාළ මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම යන චෝදනා මත ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ කාති විනිසුරු කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම අල්ලස්...