(යොහාන් භාසුර)
2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇප මුදල් තැන්පත් කළ අවස්ථාවේදී ඇප තැන්පත් කළ පුද්ගලයාට නිකුත් කළ ලදුපතේ මුල් පිටපත සහ තැන්පත් කළ ඇප මුදල් නවැත ඉල්ලීමේ ලිපිය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදිය යුතු බවත් අදලා ඉල්ලුම් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය නොපමාව ඇප මුදල් ගෙවන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පාළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (විශේෂ විධිවිධාන) පනතේ 2(3) වගන්තිය අනුව මෙම ඇප මුදල් නැවත ගෙවන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩි දුරටත් කියයි.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්දැමූ පුංචි ඡන්දයේ ඇප මුදල් ගෙවීම අරඹයි
සෙනෙවිරත්න Wednesday, 19 February 2025 06:20 PM
සජබෙ අයට ඉස්සරවෙලාම දෙන්න මහත්මයා, සතේට හිඳිලා ඉන්නේ. පරාදවෙන අයට උදව්කරන මුදලාලිලා දැන් නැහැ. ඔය ටික ලැබුණොත් ඊළඟ ඡන්දෙට ඇප තියන්නම්... නැත්නම් ඉල්ලන්නේ නැතිව තමයි ඉන්න වෙන්නේ... කොහොමත් පරදින එකේ..., ඒකේ වරදකුත් නැහැ...
sunil Thursday, 20 February 2025 06:36 AM
සජබේ පරද්දලා දිනවන්න යන්නේ සර්වජනයාද? ඒගොල්ලොත් පල් හොරු නේද ? ප්‍රජතන්ත්රවාදය ගැන හිතුවට, දැන් තියෙන විධියේ පාලනය වුනත් පසුගිය දේශපාලකයෝ කරපු නස්පැත්තිය ගැන බැලුවහම අවුලක් නැහැ. මතක නැද්ද වෙල් ගොඩ කරා. තමන්ට ඕන අයගේ උවමනාවන්ට අනුව, අනෙකුත් සංවර්ධන යට මුල් තැන දුන්නා. විශාල මුදලක් වියදම් කරා