
(ප්‍රසාද් රුක්මල් සහ සමන්පාලිත නානායක්කාර)
පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝහලේ වාට්ටුවලින් ඉවත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ඉන් රෝගින් 14 ක් තාවකාලිකව හොප්ටන් රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව පස්සර රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
ක්ලෝරීන් සිලින්ඩරයක් කාන්දු වී හුස්ම ගැනීමට අපහසු වී රෝගිවූ රෝහල අසල රෝහල් නිල නිවසක සිටි 76 හැවිරිදි කාන්තාවක බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කර ඇති අතර , අවුරුදු 43 හැවිරිදි පුද්ගලයකු , 73 හැවිරිදි කාන්තාවක් සහ26 හැවිරිදි තරුණියක පස්සර රෝහලේන් ප්‍රතිකාර ලබා ගත් බවද පස්සර රෝහලේ දිසා වෛද්‍ය නිළධාරි වෛද්‍ය චානක දංකන්ද මහතා සදහන් කළේය .
පස්සර ප්‍රාදේශීය සභාවෙට අයත් පස්සර ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවීමක් හේතුවෙන් මොවුන් සිව්දෙනා හුස්ම ගැනීමට අපහසු වී ශ්වසනා බාධයට ලක්ව සිටි බවත් ,මින් බදුල්ල ශික්ශන රෝහලට මාරු කර යැවූ රෝගී කතගේ තත්ත්වය තරමක් බරපතළ බවද හෙතෙම පැවසීය .

2025 දෙසැම්බර් මස 18
308
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි