
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වගකිව යුතු රජයක් කළ යුත්තේ කලාපයේ අඩුම මිල සහිත විදුලිය ලබාදෙන රට බවට පත් කිරීම යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.
විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත මගින් විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.අප රටේ විදුලි බල ක්ෂේත්‍රය වෙළඳපොළ ක්‍රමයකට ප්‍රතිසංස්කරණය විය යුතු බවට මීට පෙර සාකච්ඡා ඇරැඹී තිබුණත් එවක පාලකයන්ගේ අරමුණ වූයේ ජනතාවගේ බොටුව මිරිකා විදුලි ගාස්තු වැඩිකර තම බඩ වඩා ගැනීමයි.
මේ රටේ විදුලි අර්බුද ස්වභාවිකව ඇති වූවා නෙවේ.අතීතයේ විදුලි අර්බුද ඇතිකර හදිසි මිලදී ගැනීම් ආදිය සිදුකර තිබෙනවා.කුඩා රටක් වන අපට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම ඉතා වැදගත් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න පුළුවන් විදුලි බල මණ්ඩලේ ඉන්න මාෆියකාරයෝ ටික ගෙදර ඇරියා නම් , මේක වසර පුරා සුලන් හමන , හිරු පායන , වැසි වසින රටක් , සුර්ය , සුලන් , ජාල විදුලිය වැනි පුනර්ජනනී ප්‍රභවයන් භාවිත කරන්න ඕනේ...
කොමිස් ගහන හොර ඉංජිනේරුවෝ ඉන්නකම් කරන්න බැහැ
ඊළඟ ඡන්දයට තවත් පචයක්...!
හොර උපාධිකාරයෙක්ගේ තවත් කයිවාරුවක්. බිල අඩුකරන්නේ ඩීසල් මාෆියාවට උඩගෙඩි දීලාද?
හිරු එළිය , සුළං බලය ප්‍රභවයන් දෙක නිතර උච්චාවචනය වන නිසා , ඒක සමතුලිත කරගන්න දියුණු ග්‍රිඩ් එකක් (විදුලි ජාලයක් ) අවශ්‍ය වෙනවා , මේවා නවීකරණය කරගන්න ඩොලර් බිලියන 1,5 පමණ අවශ්‍ය වෙනවා , මේ මුදල ආයෝජනය කරන්න රජයට බැහැ මේකට පුද්ගලික අංශයේ සහභාගී කරගන්න ඕනේ , නමුත් විදුලි මාෆියාව මේකට හරස් කපනවා , ඔවුන් රජයට ලබාදෙන්නේ වැරදි උපදෙස්
රට්ටු හිනස්සනවා කියලා මෙහෙමත් අපිව හිනස්සන්න මහත්තයෝ.
සූර්ය බලශක්ති ගබඩා කිරීම සඳහා හොඳ සැලැස්මක් තබා ගන්න, අපි දිවා කාලයේදී ඉතා හොඳ සූර්ය බලශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා, ඔබේ රජයට ඒවා ගබඩා කිරීම සඳහා හොඳ බැටරි පැක් ගොඩනගා ගත හැකි නම්, ඒකකයේ පිරිවැය අඩු කිරීම ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.
ඉතාම හොඳයි...
රට හදන්න හදපු විදුලිබලගාර ටික හදන්න නොදීපු උදවිය අද කියනවා, කලාපයේ අඩුම විදුලි බිල පවතින රට බවට අපේ රට පත්කිරීම අරමුණ කියලා. ඒක වෙන්න ඇති ලඟදි විදුලි බිල වැඩි කලේ