IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමඟ පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත්

(යොහාන් භාසුර)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉතා පුළුල් අරමුණකින් සකස් කර ඇති බවත් එම වැඩසටහන සමග පුද්ගලික අංශය සම්බන්ධවීම ඉතා වැදගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

නුගේගොඩදී පැවැති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සයිනොපෙක් ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.

පිරිසිදු සමතුලිත අලංකාරවත් පරිසරයක් පවත්වාගෙන යාම මෙන්ම ලොව දියුණු රටවල ජනතාව භුක්ති විදින ආකාරයේ ඉහළ සමාජ තත්වයක්, නිදහසක් සහ යටිතල පහසුකම් මෙරට ජනතාවටත් දීම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ අරමුණ බව ද අමාත්‍යවරයා කීය.  

සයිනොපෙක් ලංකා සමාගම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සමග එක්වෙමින් සයිනොපෙක්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ක්‍රියාකාරී සැලැස්ම විශේෂ අගය කරන බව ද  අමාත්‍යවරයා සඳහන් කළේය.

සයිනොපෙක් පාරිභෝගිකයින්ට සුපිරිසිදු හා සෞඛ්‍යආරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් දීමේ සිට සේවා විවිධාංගීකරණය සහ ඉහළම ගුණාත්මක සේවාවක් දීම තුළින් ආරක්ෂාව හා පරිපාලන කටයුතු විශිෂ්ටත්වයට ළගාකර ගැනීමේ අරමුණෙන් එය සැළසුම් කර ඇත.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩපිළිවෙලේ අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සහ ජනාධිපති කාර්යාල නිලධාරීන් හා සයිනොපෙක් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීනී වැන්ග් හයිනි මහත්මිය ඇතුළු සමාගමේ ඉහළ නිලධාරීන් රැසැක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සමඟ පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත්

de silva Friday, 16 May 2025 05:13 PM

ඔය ඔක්කොම කරන්න ඉස්සරවෙලා, ප්‍රසිද්ධ ස්ථානවල මිනිස්සුන්ට කසල දමන්න කසල බඳුන් තබන්න...

:       0       11

samanSunday, 18 May 2025 06:18 AM

ප්‍රසිද්ධ ස්ථානවල කසල බඳුන් තිබීම වැදගත් වගේම ආරක්‍ෂාවේ ප්‍රශ්නයකුත් තියනවා. අවුරුදු ගානකට ඉස්‍සර 1978 ඉන්දියාවේ හිටපු අගමැති ඕස්ට්‍රෙලියාවේ සන්චාරයකට ඇවිත් සිඩ්නිවල හිල්ටන් හෝටලයේ ඉඳලා තියෙන්නේ. ඔහුගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ කල්ලියක් කරා කියන්නේ. හෝටලය අසල කසල බඳුනක බෝම්බයක් තියලා පිපිරිලා මිනිසුන් මැරුණා. එතැන ඉඳන් ආරක්‍ෂක පියවර ලෙස සිඩ්නි නගරයේ සහ ජනාකීර්න ප්‍රදේශවල පාරේ කසල බඳුන් තියන්නේ නෑ. ඇත්තටම අපහසුවක් ඒත් අපි පුරුදුවෙලා ඉන්නවා පාරේ කසල නොදමන්න​.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site