
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එල්බෝඩ් නැති පලපුරුදු ආණ්ඩු රටින් හාල් ගෙන්වීමේ මගඩි වලින් රුපියල් කෝටි 1500කට වඩා රටට අහිමි කර තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා 358 ක් තිබෙනවා.අද මේ ගබඩා වලින් ප්‍රකෘති තත්ත්වයේ තිබෙන්නේ යම් ප්‍රමාණයක් පමණයි.අප ආණ්ඩුව බාරගන්නා විට රජයේ ගබඩා වල වී තිබුණේ නැහැ.මේ යල කන්නයේ ආණ්ඩුව නාඩු වී ඇටයක්වත් ගත්තේ නැහැ. කලින් ගත්ත වී ප්‍රමාණයක් තිබුණා. පසුගිය ආණ්ඩුව එකසිය තිහක පිරිවැයක් දරා ගත්ත වී රුපියල් අසූවට වික්කා.එලෙස විකිණූයේ රුපියල් පනහක් රටට පාඩු කරමින්.අපි ආණ්ඩුව බාරගන්නා විට රජය සතුව වී ඇටයක්වත් නෑ.අපිට මුහුණ දෙන්නට සිදුවූයේ මෙන්න මේ ප්‍රශ්නයටයි.අකමැත්තෙන් වුවත් අපට පිටරටින් හාල් ගේන්නට සිදුවූයේ මේ නිසයි" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
COMMENTS
තවත් ඔය?පච කීම නවත්වන්න..
ඉස්සරහට වී ගබඩා කර ගන්න කියලා වී අලෙවි මණ්ඩලයේ තියෙන ගබඩා ගැන නම් දැනට විශ්වාසය තියන් ඉන්නේ ටිකක් ප්‍රවේශම් වෙන්න වේවි. වී අලෙවි මණ්ඩලය සතුව තියෙන්නේ ආදී කාලේ තාක්ෂණයට හදපු බොහෝම ප්‍රාථමික තත්වේ ගබඩා. ඒවායේ මාස හයකට වඩා වී තියා ගන්න පුළුවන් වේවි කියලා හිතන්න බැහැ. වී හරි නම් නියමිත පරිදි තෙතමනය අඩු කරලා මාස 6 කට වඩා ගබඩා කළොත් විතරයි සහල් වී ඇටය තුළ නිසි පරිදි මෝරලා ගුණාත්මයෙන් යුතු සහල් නිපදවන්න පුළුවන් වෙන්නේ. OL විතරක් සමත් වෙච්චි පුද්ගලික මහා මෝල් හිමියන් නව තාක්ෂණයෙන් යුතු නවීන ලෝහමය ගබඩා සංකීර්ණ හදාගෙන වී ගබඩා කරගෙන සහල් ඒකාධිකාරිය කරගෙන යද්දී මහලොකු උපාධි තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ වී මණ්ඩලයේ උගතුන්ට බැරි වුණා ඒ විදියේ නවීන ගබඩා එකක්වත් හදා ගන්න. හැමදාම කලේ පරණ ගබඩා වල වී ටිකක් ගෝනිවලට පටවලා ගොඩ ගහගෙන නිකම් බොරුවක් කරගෙන ඉන්න විතරයි. ඒකනේ ඩඩ්ලි සිරිසේන කිව්වේ මොවුන් මහා හොරු රැලක් කියලා...
දැන් තටමන විදියට රනිල් ආපහු ගේන්න වෙයි වගේ...
මෙච්චර බලයක් දීලත් දැන් තටමන විදියට රනිල් ආපහු ගේන්න වෙයි වගේ...
ඔහෙලාම නේද කිව්වේ? ආණ්ඩුවට වී දෙන්න එපා කියලා...
පච කීම සංසාර පුරුද්දක් වෙලා තියෙන්නේ...!
නටන්න බැරි මනුස්සයාට පොළව ඇදයි...
එහෙනම් මෙහේ කන්න නැතුව මිනිස්සු මැරෙන්න අරින්න. ඩොලර් අච්චර ආවා, මෙච්චර ආවා කියනවා, ආපු දවසේ ඉඳන් බිලියන් ගනන් ණය ගන්නේ. ඒත් මිනිස්සුන්ට කන්න හාල් ටිකක් ගෙනත් දෙන්නේ නැති නරුම ආණ්ඩුවක් මේක.
කලින් ආණ්ඩු කරපු කියපු දේ තවත් කියවන්න අවශ්‍ය නෑ. අලුත් කරන්නයි අපි ඡන්දෙ දුන්නේ.
මහත්තයෝ කළින් ආණ්ඩුවල වැරැදි කියලාම වැඩක් නැහැ... ඒවට වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ඔය පරණ තැටියම කරලා වැඩක් නෑනේ... ඔය වැරැදි කරපු අයට දඬුවම් දීලා ඒවා ගැන කියන්න.
මෙහෙම ගියොත් 2015 ඡන්දෙන් පස්සේ පළාත් සභාවලට වුණා වගේ කණපිට පෙරළෙන්න පුළුවන්.
මෙයා කිව්වොත් බොරු පචයක්ම තමයි