IMG-LOGO

කොලොන්නාවේ ගංවතුරට වැට බඳින්න මෙහෙයුම් මධ්‍යස්ථානයක්

(අංජුල මහික වීරරත්න)

කොලොන්නාව ප්‍රදේශයේ ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් සක්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍රගත කර ගනිමින් පිහිටුවීමට නියමිත එම මධ්‍යස්ථානයට සර්වෝදය හා රතු කුරුස සංවිධානවල මෙන්ම ස්වේච්ඡා සංවිධාන වල පිරිස් එකතු කර ගැනීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද(28)පැවති සාකච්ඡාවක දී ය. 

ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන් වූ ආපදා කමිටු හා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම පිළිබඳව සහ ගංවතුර ආපදා තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති 26 ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාව පැවැත් විය.

ප්‍රදේශයේ ආපදා කමිටු පිහිටු වීම කඩිනමින් සිදු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ දී පොලිස් නිලධාරීන්ට, රජයේ නිලධාරීන්ට මෙන්ම ප්‍රදේශයේ තරුණ ප්‍රජාවට එහි වැඩි අවස්ථාවක් ලබාදිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

මෙම සාකච්ඡාවේදී අයවැය විමධ්‍යගත අරමුදල් අනුව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද සමාලෝචනයක් සිදු කළේය. සෑම ව්‍යාපෘතියකටම අධීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසත්, එම අධීක්ෂණ කමිටුව මෙම ව්‍යාපෘතිවල ප්‍රතිලාභලාභීන් වූ ජනතාව මැදිහත් කර ගැනීමෙන් සකස් කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. 

මෙම සාකච්ඡාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.



අදහස් (3)

කොලොන්නාවේ ගංවතුරට වැට බඳින්න මෙහෙයුම් මධ්‍යස්ථානයක්

වලේසුදා Wednesday, 28 May 2025 04:46 PM

ගංවතුර ඇතිවන හේතු සොයා ඊට පිළියම් නොයොදා ගංවතුරක් ආවාම ගලවාගන්න හැටි හොයනවා. රිලව් ගැන්න එකේ part II

:       3       5

JayasekaraThursday, 29 May 2025 09:22 AM

මාත් කොළොන්නාවේ බල ප්‍රදේශයේ උපන් අයෙක් . . ඔබ කියන ගංවතුර ඇතිවීමට හේතුව මොකද්ද? දන්නේ මෙහෙ ජීවත් වෙන ජනතාව තමයි .ප්‍රේමදාස රජය සිට රනිල් රජය දක්වාම දේශපාලන අධිකාරිය විසින් මේ තත්ත්වය ඇති කරලා තියෙන්නේ. ඔබ සාලමුල්ලේ තියෙන බන්ට් එක ඇතුළෙ ගෙවල් හදන්න අවසරදුන්නා . අපි පොඩි කාලෙ ඒක ලස්සන වැවක් වුණා. හැම වතුරක්ම ඕකට එකතු උනේ . දැන් ගෙවල් හදා, වගුරු බිම ගොඩ කරලා වතුර බහින්න තැනක් නෑ. දැන් පවතින රජයට ඒකට වග කියන්න බැහැ. කොළොන්නාවෙ වේගයෙන් ව්‍යාප්තවන සුළු ජාතින්ගේ ජනගහණයට පහසුකම් දුන්නේ වගුරු බිම ගොඩ කරලා. කොළොන්නාවේ හිටපු ප්‍රබල මුස්ලිම් ඇමැති. එයා කවුද කියලා කවුරුත් දන්නවා."

:       1       0

බද්රානි Wednesday, 28 May 2025 08:44 PM

මේ මෝඩයින්ගේ පාරාදීසයේ ආපදාවට පිළියම් යොදනවා මිස, ආපදාවට කමිටු පත් කරලා පලක් තියනවාද..? ගං වතුරත් විකුණගෙන කන නින්දිත දේශපාලනයක යෙදෙන මේ රටේ දේශපාලකයින් හැමදේටම කමිටු පත් කරන්න නම්, හපන්නු...ඔය තක්කඩි කමිටු පත් කරලා තියන තුට්ටු දෙකත් යටිමඩි ගහන ක්‍රමය පැත්තක තියලා... ඔය තියන කාණු ටික වැස්සට කලින් සුද්ද කරලා වතුර බැස යන ලෙස අලුතින් කානු සකසා පොලව යටට හෝ වෙනත් ස්ථානයකට ජලය බැස යන කානු පද්ධතියක් නිර්මානය කල යුතුයි... ඒ සඳහා ගොඩනැගිලි වලට හා ඉඩම් වලට උසින් මහා මාර්ග තනන ලංකාවේ අඥාන මොංගල් ඉංජිනේරුවන් වෙනුවට, ලෝකයේ දියුණු රටවල ඉංජිනේරු සමාගමක සහය ගත යුතුයි...මෙය කොළඹට පමණක් නොව ලංකාව පුරාම ඇතිකළ යුතු තත්වයක්... ඇළ මාර්ග හා ගංගා ගොඩ වෙලා, කැලෑ වැවිලා, ඒවා සුද්ද පවිත්‍ර කල යුතුයි කියන සංකල්පය වත් මේ රටේ පළාත් සභා, ප්‍රාදේශීය සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නැහැ. මොවුන්ගේ එකම පරමාර්ථය තක්කඩි කමින් මුදල් හරිහම්බ කර ගැනීම පමණයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 613 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site