IMG-LOGO

කලුතර පාසලක දරුවන්ට දුන් උදේ ආහාර වෙිලේ පණුවන් ඉදලා

(සුමිත් පොතුපිටිය )

කලුතර නගර මධ්‍යයේ පිහිටී පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන්  බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දරුවන් ඊයේ (03) ආහාරය ලබාගැනීමට සූදානම් වීමේදී එක් දරුවෙකු පනුවන් දැක ආහාර බෙදාදීම සදහා නම්කර සිටී මවකට දැනුම් දීමෙන් පසු පංති භාර ගුරුතුමිය දැනුවත් කර විදුහල්පති වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දෙමාපියන් පවසති.

දරුවන් ඒ අනුව මාළු කෑලි බත් පාර්සල් වලින් ඉවත්කර අනෙක් එළවලු  සමග බත් ආහාරයට ගෙන ඇති බවද වාර්තාවේ. මේ අනුව ආහාර සැපයුම් කරුගේ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයිද සදහන් වේ. අද සෞඛ්‍ය අංශ පාසලට ගොස් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (3)

කලුතර පාසලක දරුවන්ට දුන් උදේ ආහාර වෙිලේ පණුවන් ඉදලා

Perera Tuesday, 04 March 2025 11:54 AM

අද මස් මාලු වල ගණන් වල හැටියට ප්‍රෝටීන වලට පණුවෝ දෙතුන් දෙනෙක් දාන්න හිතෙන්න ඇති

:       9       11

B A A IddamalgodaTuesday, 04 March 2025 02:09 PM

දරුවො මාලු අයින්කර කාල ඉවරයි අපූරු ඉස්කෝලයක් කියන්න පුලුවන් මහජන පරීක්ෂකවරු මහත්වරු ඉස්කෝලෙ යනකොට මාලුකෑලි වල කොහොමත් පනුවො ඇතිවේවි ශාක්ෂියක් හරියට ඔප්පු කරන්න බැරුව සැපයුම්කරු නිදොස්කොට නිදහස් වේවි කවුද දන්නෙ නැහැ විදුහල්පති.

:       3       7

ගුණරත්න Wednesday, 05 March 2025 08:16 AM

කලින් ආණ්ඩුව කාලේ ඔහොම දෙයක් වුණා නම් දැන් ඉන්න ඇමැත්තෝ පොළවේ හැපී කැට උල්කරගෙන ඇමැතියන්ට බනීවී ඇමැතියෝ කොන්ත්‍රාත් වලින් අච්චර කොමිස් ගන්නවා අච්චර පාගා ගන්නවා ආදී වශයෙන්.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැනඩාවේ හැදූ ඉස්මාරකයට විජිත විරෝධය පළ කරයි
2025 මැයි මස 14 19 0

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍


මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 139 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 165 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 188 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 957 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 642 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1383 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 413 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site