IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කේරළ ගංජා - විදෙස් ගිනි අවි සමඟ තිදෙනකු මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

රුපියල් මිලියන 220 ක කේරළ ගංජා තොගයක් සමඟ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් හා මැගසින් හතරක්,ජීව උණ්ඩ තොගයක් , ජාවාරමට යොදා ගත් කැබ් රථයක් හා මෝටර් රථයක්  සමග සැකකරුවන් තිදෙනෙකු  වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව,නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මෙම වැටලිම සිදු කර තිබිණි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 හා 51 සිමාවල පසුවන අනුරාධපුර උලුක්කුලම හා පොතානේගම හා නොච්චියාගම පදිංචි සැකකරුවන් තිදෙනෙකී.

කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථය අත් අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂාවකට ලක් කිරිමේදි සගවා තිබු විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් සමග මැගසින් හතරක් සමග ජීව උන්ඩ 40 ක් සොයා ගැනිමට සමත්වු බව කියයි.

ගිනි අවි හා කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට මෙලෙස ප්‍රවාහනය කරමින් තිබියදි අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

 

 



අදහස් (0)

කේරළ ගංජා - විදෙස් ගිනි අවි සමඟ තිදෙනකු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 771 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site