
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියක බව සදහන් වේ.
පොසොන් පොහොය නිමිත්තෙන් පානදුර ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා ඇති අතර , පසුගිය 23 දින දැරිය සිය මව සමග එහි රැදී සිටීයදී දැරිය කරවල හොදි කල්දේරමට වැටී ඇති බව පැවසේ.
බරපතල තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්වය බරපතල බැවින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරු කර යවා සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
පෝය දවස්වලට කරවල උයලා කරන පව ගියේ අසරණ යකාගෙන්.
ඉතාම කණගාටුයි...
අනාරක්ෂිත බව නිසා සංවිධායකයින්ට අනිවාර්යයෙන්ම නඩු පැවරිය යුතුය.
ආරක්ෂිතව කරන්න බැරි නම් නොකර ඉන්න.
කල්දේරම වසා තැබුවා නම් ඔහොම වෙන්නෙ නැහැ ඊළඟට ඔතනට කුඩා දරුවෙක් අරගෙන ගිය අම්මා වුනත් වැරදියි
මේ මරණයට වරද සංවිධායක කරපු අය, නීතිය ඒ අයට දඬුවම් දෙන්න ඕනේ... වගේම වන්දිත් අය කරගන්න ඕනේ.. අනිත් මිනිස්සුන්ට ආදර්ශයක් විදියට...!
නොසැලකිල්ල හා දරුවන් පිළිබඳව සමාජයේ පවතින අඩු අවධානය නිසා සිදුවූ විපතක්.., සමහර මව්වරුන්ට දරුවන් ගැන හොයනවට වැඩිය කරන්න වැඩ බොහෝමයි.
ඉතාම කණගාටුදායක පුවතක්. මෙවන් අකල් මරණයක් නොවේවා...!
දැන් තේරෙනවා ඇති දන්සැලද, දරුවාගේ ජීවිතේද වඩා වැදගත් කියලා... කරන්න බැරි දන්සැල් නොකර හිටියා නම් ඉවරයි...
වැටුණාද? කවුරු හරි විදියකින් තල්ලු කලාද ළමයා කරදර කරමින් සිටින නිසා? කොහොමද නම හැවිරිදි ළමයෙක් කල්දේරමකට වැටෙන්නේ?
දැන් ඉතින් මොනවා කිව්වත් වැඩක් නෑ... අනික කරෝල කෑල්ලක් නැත්තම් සමහර අය දන්සල් වලට යන්නෙත් නෑ. සමහරු සීලවන්තයෝ වෙන්න කොමන්ට් දානවා.. ගෙනා අයුෂ එපමණයි.. අපිටත් හෙට මොනවා වෙයිද අපි දන්නෙත් නෑ...
අම්මා කොල්ලො එක්ක chat කර කර ඉන්න ඇති
තනිකර නොසැලකිල්ල නිසා සිදුවූ මරණයක්
පව් අසරණ දරුවා...
දන්සල් වලට මස් මාංෂ සපයන්න සතුන් මරන්නෝ සතුන් මරා වැඩිපුර අකුසල ක්‍රියාව කරගන්නවා කියලා දන්සල් දෙන අයට නොතෙරෙන හැටියක්. නිර්මාංෂ ආහාර වේලක් දෙන්න කොයිතරම් එළවළු මේ රටේ තියෙනවාද? කුසල් කරනවා කියලා එකතු කරගන්නේම අකුසල්...