
(ගයාන් සූරිය ආරච්චි)
හම්බන්තොට නාගර වැව, කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමකින් යුත් යතුරු පැදි 21 සමග එම ගොවිපොළේ කළමනාකරු සහ ගබඩා පාලක අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර සහ මිත්දෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 සහ 50 වියේ පසු වන දෙදෙනෙකි.
එම කුරුළු උයන පරිශ්‍රයේ වගා කර තිබූ ගංජා පැළ හතරක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකරර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගියදා වරායෙන් පරීක්ෂා නොකොට පිටකළ කන්ටේනර්ස්, ජනතාවට දැන් සැකයක් එනවා.
මේ රාජපක්ෂ යුගයේ ශේෂයන් විය නොහැකිද? මෙන්න මෙහෙමයි මොවුන් ඩොලර් විනාශ කලේ. තවත් මොවුන්ට කඩේ යනවා නම් මොවුන් එකා දෙන්න ඇතුළට යනවාට විරෝධයට පැනපල්ලා මුහුදට...