(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ක්‍රීඩාව ජනගත කිරීම සඳහා ක්‍රීඩා විෂයෙහි මානව සම්පත හා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යයක් වේ. ප්‍රමාණවත් ක්‍රීඩා පහසුකම් නොමැති තරුණ ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව, ක්‍රීඩා සමාජ සහ පාසල් සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් පාසල් පද්ධතිය, මහජන ක්‍රීඩාංගන සහ යෞවන සමාජ සඳහා ව්‍යාපෘති ත්‍රිත්වයක් 2025 වර්ෂයේ සිට වසර 3 ක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ඇත.
ඒ අනුව, ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම, ග්‍රාමීය පාසල් හා යෞවන සමාජ සඳහා ක්‍රීඩ යටිතල පහසුකම් ලබා දීම සහ හඳුනාගත් ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන ව්‍යාපෘති 2025-2027 කාලසීමාව තුළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට ව්‍යාපෘතියක්