IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කම්කරු නි.ඇමති හර්ෂට ගීයකින් පිළිතුරු දෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හර්ෂගෙ පාර්ලිමේන්තු කතාව ඇහුණු විට තමාට පණ්ඩිත්  අමරදේවයන්ගේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා යන සින්දුව මතක් වූ බව  කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී පැවසීය.

"මේ අයවැය රටේ ඓතිහාසික අයවැයක් බවට පත්වනවා නොඅනුමානයි. නිෂ්පාදන ආර්ථිකය බිඳවැට්ට වූ  දශක හය වෙනුවට ග්‍රාමීය දුප්පත්කම තුරන් කළ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන අයවැයක් අප ඉදිරිපත් කර තිබෙනවා. මේ තත්ත්වය හමුවේ විපක්ෂය අද හොල්මන් වෙලා. අපේ සාර්ථක අයවැය දරාගන්න බැරි වීමට හේතුව කුහක කම මිසක් වෙනත් දෙයක් නොවේ.

මෑත ඉතිහාසයේ මෙතෙක් සිදු වූ වැඩිම වැටුප් වැඩි වීම රාජ්‍ය සේවකයා වෙත ලබා දී තිබෙනවා.වසර නවයකින් රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප වැඩි වී තිබුණේ නැහැ.



අදහස් (7)

කම්කරු නි.ඇමති හර්ෂට ගීයකින් පිළිතුරු දෙයි

PGPThilak Tuesday, 18 February 2025 12:00 PM

රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට තවත් බෙදලා ද උඹලා නිෂ්පාදන ආර්ථිකයක් හදන්නේ?

:       6       27

පිං පඩි Tuesday, 18 February 2025 12:14 PM

ඇත්ත පෙනි පෙනී ඔහොම කොහොමද පිං පඩි ගුරු තුමෝ බොරු කියන්නේ.ලංකාවේ මිනිස්සු හරක් කියල හිතන්ද කතාකරන්නෙ.

:       6       27

de silva berlin Tuesday, 18 February 2025 12:42 PM

හර්ෂ යනු හොර ආචාර්ය පට්ටම් කාරයෙක් නොව ආර්ථිකය සහ ගෝලීය දේශපාලනය ගැන හොඳට දන්නා උගතෙක් , 2020 දී හර්ෂ දුන්න උපදෙස් අහල ගෝඨාභය සහ කබ්රාල් අයිඑම්එෆ් ගිය නම් රට ආර්ථික අගාධයක වැටෙන්නේ නැහැ , අවම වශයෙන් 2024 වෙනකම්වත් ගොටබය ජනාධිපති ධුරේ දරනවා , ඔයගොල්ලත් 2020 දී පොහොට්ටු කාරයෝ කරා වගේ හර්ෂ්ට උසුළු විසුළු කරමින් , ගීත ගයමින් සිටින්න , හර්ෂගේ වටිනාකම ඔයගොල්ල දන්නෙත් නැහැ සජිත් කියන උද්දච්ච මනුස්සය දන්නෙත් නැහැ ,

:       11       28

AmdaTuesday, 18 February 2025 02:44 PM

හර්ෂ ආචාර්ය තමා ආර්ථික විද්‍යාව දන්න දක්ෂතම ලාංකිකයා හර්ෂ නෙමේ. ඔහු දේශපාලකයෙක් මිස විෂය දැනුමේ කෙළ පැමිණියෙක් නෙමේ.

:       13       11

කුලීTuesday, 18 February 2025 09:34 PM

දන්න දෙයක් කියන්න පැලවත්ත කූලී බ්‍රො.හර්ශට තියන ආචාර්ය උපාධිය ආර්ථික විද්‍යාව සම්බන්ධව.

:       1       6

casmir Tuesday, 18 February 2025 01:43 PM

තමුන්ගේ ජීවිතේ පුරාම උද්ගෝෂණ වැඩවර්ජන විතරක්ම කරපු මනුස්සයෙක් රට හදන තැනට ගිහින් නිෂ්පාදන ආර්ථිකයක ගැන කතාකරනවා , මේ මුන්ස්සය සමස්ත ගුරුවරුන්ගේ , ළමයින්ගේ කාලය කොට්ච්චරනම් නාස්ති කරන්ඩ ඇද්ද . රට විනාශ කරලා රට හැදීම , අලුත්ම න්‍යාය

:       8       26

Surain Tuesday, 18 February 2025 01:52 PM

මෙ අයගෙ කතා අහනකොට මතක් වෙන්නෙ බහු බුතයො චිත්‍රපටියෙ කොටස්. අයවැය ඉදිරිපත් කලෙ 2025 වසරට එත් පඩිවැඩිකරන්නෙ කොටසක් 2026 අනික 2027 මරු ඇන්දවීම යහපලන රජයෙන් ඔයිට වඩා පඩි වැඩිකරා

:       8       24

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13551 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 121 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 950 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site