
(අංජුල මහික වීරරත්න)
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඔහු කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස් එරට පුරවැසිභාවයද ලබා ඇති අයෙකි.එය උපයෝගී කරගනිමින් මොහු පුද්ගලයින්ගෙන් රැසකගෙන් මුදල් අයකර ඇති අතර, ඔහුගේ ජාවාරමට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු කාර්යාංශය වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව කාර්යාංශය විසින් මෙම සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.
පොලිස් උපායදූතයෙකු යොදවා ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කරගත හැකි බව පවසා සැකකරු කාර්යාංශය වෙත කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට මුදල් අයකිරීම හා වංචා සිදුකිරීම යන චෝදනාවට එරෙහිව විමර්ශන නිළධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත් අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැනඩා යවන බව කියා ලක්ෂ 149ක් ගැරූ කෙනෙක් දැලේ