
(ඩයනා උදයංගනී)
රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ඉදිරියට ගියොත්, දැනට කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුනේදී යළි ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
එහිදී රජය අවංකව හා මිනිසුන් සිතන විදිය ගැන තේරුම් ගෙන මහජනයාගේ අපේක්‍ෂාවන්ට මුල් තැන දී කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේ නොවුණොත් කොතරම් අතීතය අධ්‍යයනය කර නිවැරදි කියවාගැනීමක් කළත් අරමුණු ජයගැනීමට නොලැබෙන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ කටුබැද්ද, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී අද (11) පැවති වැඩසටහනකට එක්වෙමිනි.
මෙය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදුකරමින් සිටින අවස්ථාවක් බව කී ඇමතිවරයා රජයෙන් වූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතු දේ හරියට තේරුම් ගෙන තක්සේරු කර ඉදිරියට ගියහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීමට හැකිවනු ඇතැයි ද ප්‍රකාශ කළේය.
පොදු ජනතාවගේ අපේක්‍ෂාව වූයේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් හෝ වෙනත් ඕනෑම ජාතික උවමනාවක් වෙනුවෙන් ගත යුතු තීරණ ගැනීම කර අරින්නේ නැති පාලන තන්ත්‍රයක් බව කී ඇමතිවරයා පොදුජනයාගේ එම අපෙක්‍ෂා සමඟ සෙල්ලම් කරන්නට හෝ විශ්වාසයට පිටුපාන්නට රජයට අයිතියක් නැතැයි ද පැවසීය.
වසංගතයක් සමඟ ජීවත්වීමට සිදුවූ නිසා රජය විසින් කළ යුතුව තිබූ සමහර දේවල් මගහැරී ඇති අතර විශේෂ අවධානය යොමුකළ යුතුව තිබූ දේවල් නොවී ඇතැයි කී ඇමතිවරයා ඒවා වෙනස් කරගන්නට තාමත් කල් තිබෙන බව ද සඳහන් කළේය.
COMMENTS
ඉතින් පංචායුධ ඇමතිතුමෝ.. කොහොමවත් ජනතාවගේ විශ්වාසය කඩනොකරමු. උන්නා නම් ඉවරයිනේ. අනික ඔයා කියන්නේ අවුරුදු තුනකින් ආපහු මිනිස්සු රවට්ටන්න ලෑස්ති වෙන්න කියලා නේද? පුලුවන් නම් ඔය ටකරම් කටෙන් කෑගහලා අහන්න දැන් සැපද කියලත්..?
වියතුන් ගෙනෙනවා කියලා බොරු කියලා කලින් හිටිය සේරම හොරු, තක්කඩි මදිවට කුඩුකාරයෝත් එකතු කරගෙන වැඩකරන්න ගිහින් රටටම එපා වුණාට පස්සේ "මට බෑ අයියටවත් කියල බලමු" කියලා නහයෙන් අඬනවා.
බහුතරය ඔබ හිතන තරම් මෝඩ නැහැ.
නැවතත් රට රවට්ටන්නද හදන්නේ ? කොවිඩ් පැත්තකට කට දාමු. ඉහ වහා ගිය ඥාති මිත්‍ර සංග්‍රහ, නිදොස් කොට නිදහස් කර ලොකු තනතුරු දීපුවා ආපසු හරවන්නේ කොහොමද? කාබනික පොහොර විකාරය, සීනි වංචා, විස පොල් තෙල්, ජනතාවට කිසිත් නොකියා දේපොළ විකිණීම ආදිය ආපසු හැරවිය හැකිද? එක වෙලාවක අපට ඕනා තරම් මුදල් තියෙනවා කියනවා. තවත් වෙලාවක මුදල් නෑ කියල දේපොළ විකුනනවා.
මෙයාගේ ජනප්‍රියත්වය හීනවන හැම වෙලාවකදීම මේ වගේ ජවනිකා රගපනවා ජනතාවගෙන් අවදානය දිනා ගන්න. එදා P.B ජයසුන්දර මහතාට ආර්ථික ගාතකයා කියලා ලොකු ආන්දෝලනයක් ඇතිකළා. මෙවර එතුමත් එක්ක මෙයාට වැඩ කරන්න වුනාම මෙයාගෙන් මාධ්‍ය වේදියෙක් ඒ ගැන ඇහුවාම ජයසුන්දර මහතා දැන් හොදයි කීවා.. එතකොට අර ගාතනය කොරා කියපු ආර්ථිකයට මොකද වුනේ? එදා රජය තෙල් මිල වැඩි කරාම ලෝක වෙළද පොලේ තෙල් මිල ඉහල යනකොට ලංකාවෙත් වැඩි කරන්න වෙනවා නම් ලංකාව පාලනය කරන්න රජයක් මොකටද කියලා කීවා. එත් මෙදා තෙල් මිල ඉහල දාපු අනු කමිටුවෙ සාමිජකයෙක් ලු මෙයා..
දැන් මොන වචන හරඹ දැම්මත් ජනතා විශ්වාසය පලුදු වෙලා ඉවරයි. නැවතත් මේ කපටි වංචාකාර හොරුන්ට නැවත බලය දෙයි කියල හිතන්න අමාරුයි. පොහොර සම්බන්ධයෙන් ගත් හිතුවක්කාරී අමනෝඥ තීරනය සම්බන්ධයෙන් සමස්ථ ගොවි ජනතාවම කලකිරීමෙන් සිටින බව මොවුන් තේරුම් ගත යුතුයි.
බල්ලොත් එක්ක බෑ කියල බොහෝඅය දැනගත්තා.
මේක මේ කියන්නේ අරමුණු රටේ හදන අරමුණ නොවෙයි, ආයෙත් බලය ලබාගන්න කියන අරමුණ.
ඔහෙලට ඕනි විදියට විස්වාස කඩ කරන්නයි විස්වාස ඇති කරගන්නයි රටේ හැමෝම බයිසන් ගවයෝ නොවෙයි. ඊලග ඡන්දෙ ඉඳලා ගෙදර නවතින්න බලනව.
දුෂිත චෝදනා ඇති ආණ්ඩු පාර්ශවයේ සියලුම චුදිතයන් නිදොස්කොට නිදහස් කිරීම කඩ වූ විශ්වාසය දිනා ගැනීමට හැකි වෙන බවට ගරැ ඇමතිතුමාට අපි යෝජනා කරමු.
අපෝ හරිම ලේසි දෙයක්, ජාති ආලය මතුකරලා , සංගයා වහන්සේලා ටික ඉස්සරහට දාලා දේශ ප්‍රේමේ පුබුදලා, ජාතීන් අතර බේද ඇති කරලා, අදිරාජ්‍ය කුමන්ත්‍රණ වලින් රට රැක ගන්න විරුවට බලය දෙන්න කිව්වා ගමන් 69 ලක්ශේ විශ්වාසය පලකරනවා,
ගිලෙන නැවෙන් මෙයත් දැන් හෙමිහිට ඇයින් වෙන්න වගේ හදන්නේ.
රනිල්ට පින්සිද්ද වෙන්න බේරුනා.
මේවෙලාවෙ ජනතාව අන්ත අසරණව සිටියත් තමා පලපුරුද්දෙන් දන්නවා ලංකාවෙ මිනිසුන්ට කසිප්පු කාලයි බත් පැකට් එකයි දුන්නම ඡන්දය දිනන්න පුළුවන් කියලා මේ වෙලාවෙත් ඒකටද සූදානම.
මේ රජය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය යලි ගොඩනැගිය නොහැකි ලෙස පළුදු වී ඇත. එයයි තිත්ත ඇත්ත.
අනේ අපිට නායකයෙක් හොයාදෙන්න...
තැබූ විශ්වාසය යළි දිනාගත නොහැකි සේ පළුදු වී ඇත. වූවාට පසුව විසදුම් සෙවීමට පෙර එසේ නොවීමට කටයුතු කළ යුතුව තිබූනා නේද ......? රටේ ජනතාව බුද්ධිමත්ය.
නැවත ගොඩ නගන්න හොරුත් එක්ක බැහැ අපි තීරණය කරලා හමාරයි
කඩවුණු පොරොන්දුව නාටකය
මෙයාලට ගිය කල.
ඉතා හොඳ ශ්‍රේෂ්ඨ බොරු සැපයුම්කරුවෙක් !
ජනතාව ගොනාට අන්දන්න බැරිවෙයි තවදුරටත්.
කෝ අර මිටින්වල බෙරිහන් දිදී දෙනවයි කිව්ව සහන මල්ල.
තමුන්ගේ මන්දිරය ඇතුළු ලෝකය වටේම තියන සබ්බ සකල මනාවම රජයට දෙන්න .කොන්දේසි විරහිතව .ජනතාවද කොන්දේසි විරහිතව සමාව දෙනු ඇත .වෙන විකල්පයක් නැත
එකම ක්‍රමයයි තියෙන්නේ .පාස්කු වැනි තවත් ප්‍රහාරයක්
හාමතේ පෝලිම් වල ලැගගෙන ඉන්න මිනිස්සු බලන්නේ කවද්ද මේ උගුලෙන් ගැලවෙන්නේ කියලා.
මතකද චන්ද්‍රිකා මහත්මියගේ පාලන කාලේදී ඔබ කීවා ලෝක වෙළඳපොල බඩු මිල වැඩි වෙන විට වැඩිකරන්නත් අඩු වෙනකොට අඩුකරන්නත් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ කියලා