IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කුඩු ප්‍රවාහන කුලිය ලක්ෂ 180ක් රැගෙන යද්දී මාට්ටු

(එස්. හේරත් සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේ සිට ට්‍රෝලර් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමේ කුලිය වූ රුපියල් එක්කෝටි අසූ ලක්ෂකට ආසන්න මුදලක් ත්‍රිරෝද රියගින් රැගෙන ගිය දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කරයි.

රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් ත්‍රී රෝද රථයකින් ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ ( 22) රාත්‍රියේ තොඩුවාව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් මහාවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම මුදල් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කුලිය ලෙස අදාල පුද්ගලයන්ට දීමට රැගෙන යන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි. 

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 



අදහස් (0)

කුඩු ප්‍රවාහන කුලිය ලක්ෂ 180ක් රැගෙන යද්දී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site