
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද (11).කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටි. පාස්කරන් මහතා එම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරමින් කඩවත දෙස සිට සිය ජීප් රථයෙන් පැමිණ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ පිටවීමේ දොරටුවේ කවුළුව වෙත සංකේතවත් ලෙස කාඩ්පත මගින් මුදල් ගෙවීම සිදු කළේය.
ඒ අනුව අද (11) දින සිට කාඩ්පත් මගීන් ගෙවීම් කළ හැකි වන්නේ කොට්ටාව කඩවත අතර හුවමාරු ස්ථානවලදී පමණක් වන අතර ඒ සඳහා විශේෂ මන්තීරුවක් වෙන්කර ඇති බවත් එම මන්තීරුව භාවිතා කරන ලෙස මාර්ගයේ ගමන් ගන්නන්ට අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ ඒකකය දන්වයි.
මාසයක පමණ කාලයක් තුළින් මුළු අධිවේගී මාර්ග පද්ධතිය තුළම කාඩ්පත් මුදල් ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම ඒකකය වැඩිදුරටත් දන්වා සිටී.

2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාඩ් පතින් අධිවේගයේ ගාස්තු ගෙවීම අරඹයි
Manjula Friday, 11 April 2025 03:53 PM
මෙය හොඳ දෙයක්...!
පුරවැසියන් Friday, 11 April 2025 08:30 PM
නියමයි දැන් ඕක ඔහොම්ම කෝච්චි, බස්, ටැක්සි වලටත් වලංගුවන විදියට හැදුවා නම් රටේ ඉදිරි දියුණුවට පළමු පියවර වෙනවා. අනවශ්‍ය තරගයක් නෑ. මගීන්ගේ පහසුකම් දියුණු රටවල වගේ වේවි...!