
(ඉන්දිකා රාමනායක)
හෙරොයින් කිලෝ ග්‍රෑම් 124 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344 ක් සමඟ මාලදිවයින වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටී "අශේන් පුතා " ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනා මෙරටට පිටුවහල් කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මාලදිවයින් රජය මගින් මෙම සැකකරුවන්ට එරෙහිව නීතිමගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවට පවසමින් මෙරටට පිටුවහල් කර ඇත.
මෙලෙස පිටුවහල් කර ඇත්තේ දෙව්නුවර ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකි. ඉහත මත්ද්‍රව්‍ය තොගය මෙරටට ප්‍රවාහනය කරමින් සිටියදී 2024 නොවැම්බර් මස 14 දින මාලදිවයින වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද තීරණයක්. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් මොවුන් පෝෂණය කිරීම සුදුසු නෑ
කුණුකසළ අදාළ තැනටම විසිකරලා දාලා. නැත්නම් බොරුවට වියදම් කරන්න එපැයි. මොවුන් ඉතින් අපේ රටේදි නිදොස් කොට නිදහස් වෙයිද දන්නේ නෑ. ඊට පස්සේ ආයෙත් ගජරාමෙට වැඩේ කරයි. මේ තරම් තොග එව්වාගෙන් රොටී හදන් කනවාද දන්නේ නෑ.