(අංජුල මහික වීරරත්න)
ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වය ලබා කඩින් කඩ සම්පූර්ණ වාරික ප්‍රමාණය ගෙවන ලද ගොවීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇතැයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා නිවේදනය කරයි.
1987 වර්ෂයේ ආරම්භ කරන ලද ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ගොවීන් 871,425 ක් දායකත්වය ලබා ඇති අතර, එයින් ගොවීන් 178,927ක ප්‍රමාණයකට තැපැල් කාර්යාල 3989 කින් විශ්‍රාම වැටුප් මාසිකව ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලැබීම සඳහා දායකයින් මණ්ඩලය මගින් නියම කරන ලද වාරිකය නිසි අයුරින් ගෙවා නිම කළ යුතු බවත් කිසියම් දායකයකු පිළිවෙලින් වාරික 5 ක් ගෙවීම් මගහැර ඇත්නම් දායකත්වය අවලංගු වන අතර, විශ්‍රාම වැටුප් හිමිකම අවලංගු වන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිත තත්ත්වයත්, දිවයිනේ පැවැති කොවිඩ් වසංගත තත්ත්වයත් ආදී හේතු සාධක හමුවේ බොහෝ දායකයින් යෝජනා ක්‍රමයේ දායක මුදල් ගෙවීම අතපසු වුව ද, දීර්ඝ කාලයක් යෝජනා ක්‍රමය තුළ රැඳෙමින් විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් 100%ක් වාරික ගෙවා අවසන් කර ඇති ගොවි මහතුන් හට අනෙකුත් වාරික සඳහා සලසන දින 60 ක සහන කාලයේ අවසාන වාරිකය ලබාදී විශ්‍රාම වැටුපක් සකස් කර දීමට පොදු තීරණයක් ලෙස ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව නිර්දේශ කර, අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සඳහා යොමු කළ බවත් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කඩින් කඩ වාරික ගෙවා සම්පූර්ණ කළ අයටත් ගොවි විශ්‍රාම වැටුප දෙයි