
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කුඩු ජාවාරමුන් දුන් ලක්ෂ ගණනක අල්ලස් මුදල් ප්‍රතික්ෂේප කරමින් කෝටි ගණනක මුදල් සමඟ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් තොඩුවාව පොලිසියට උපහාර පළ කරන්නට ගම්වැසියෝ කැවුම් කිරිබත් උයාගෙන පොලිසියට පැමිණියහ.
මෙලෙස පොලිසියට නෑ ගම් ආවේ ඉහල මහවැව මහජන ආරක්ෂක කමිටු සාමාජිකයෝයි.
ඔවුහු කැවුම්,කිරිබත් ඇතුළු සියලු රසකැවිලි හා තෑගි භෝග ගෙන ආහ.
පසුගිය මැයි 22 දින අලුයම් කාලයේ තොඩුවාව පොලිස් වසමේ සැක සහිත ලෙස ත්‍රීරෝද රථයක රැදී සිටි දෙදෙනෙකු එදින රාත්‍රී මුර සංචාරයේ නිරත පොලිස් නිළධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී කළු පැහැති බෑගයක රුපියල් කෝටි ගනනක මුදලක් තිබෙන බව දැක තිබේ.
ඒ අවස්ථාවේදී සැකකරුවන් පොලිස් නිලධාරීන් දෙදෙනාට ලක්ෂ පහ බැගින් ලබා දීමට උත්සහයක් ගෙන ඇත.
එහිදී එම පොලිස් නිලධාරීන් දෙදෙනා තම ඉහල නිලධාරීන් කඩිනමින් දැනුවත් කරමින් තවත් පොලිස් කණ්ඩායම් කීපයක් මෙම ස්ථානයට කඳවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පොලිස් නිලධාරින් කර ඇත්තේ ඉතාම අගේ කළයුතු ක්‍රියාවක්. මෙවැනි නිලධාරීන් හට එම සත් ක්‍රියාව අගය කරමින් උසස්වීම් හෝ සුදුසු මුල්‍යමය උපකාරයක් ලබාදීමද වටිනවා. අල්ලස් ගන්නට පොලිසියේ වැඩි පිරිසක් යොමුවී සිටින්නේ රාජකාරිය සඳහා ලැබෙන වේතනය සෑහෙන්නේ නැතිනිසා බව අප කවුරුත් දන්නා කරුණක්. ඒ සඳහාද සුදුසු පිළිතුරක් සපයාදිය යුතුම වෙනවා. කොහොම නමුත් බොහෝදෙනා පැතූදේ සිදුවෙමින් පවතින බවයි පෙනෙන්නේ...
මෙම නිලධාරීන් දෙදෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් මුදල් ත්‍යාග දෙන්නේ නැතිද? උසස් වීම් වලටත් රෙකමදාරු කළ යුතුයි...
පොලිස් දෙපාර්තමේන්තුව තුළ අවංකව නිලධාරී තලමත් ඕනෑතරම් ඉන්නවා. එහෙම කට්ටියට හොඳට සේවය කරන්න පුළුවන් අවංක ආණ්ඩුවක්ද පත්වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා..!
රට වෙනස්වෙමින් පවතී…
මේ විදිහට මුළු ලංකාවම වෙනස් වෙනවා නම්... අනේ වාසනාවන්...!
මම මේ දකින්නේ හීනයක්ද? ශ්‍රී ලංකාවට ජය වේවා..!
මෙම නිලධාරීන්ට ප්‍රෙමා්ෂන් සහ රිවෝඩ් ලැබිය යුතුමයි. පොලිස්පතිතුමා කරයි කියලා හිතනවා.
මෙම ශ්‍රේෂ්ඨ සේවාව පිළිගැනීම සම්බන්ධයෙන් පොලිසියට අපගේ ඉමහත් ගෞරවය සහ අපගේ ශ්‍රේෂ්ඨ ජනතාවට ඉහළම අගය කිරීම, එවැනි පුද්ගලයින්ගේ යුක්තිය සහ කැපවීම වෙනුවෙන් අපි හිස නමා ආචාර කරමු.
ඉතාමත් අගය කළයුතු පොලිස් නිලධාරී මහත්තුරු දෙදෙනෙක්. ගම් වාසිනුත් කරපු දේ ඉතාමත් ඉහළයි. ඕක වත්තල පොලිසියේ අයට අහු වුණා නම් කිසි කතාවක් නෑ... පගාව අරන් වැඩේ වහලා. අවුරුදු ගණන් වත්තල පොලිසියේම ඉඳගෙන හැම කෙනෙක්ගෙන්ම හැමදේටම පගාව අරන් නීතිය වගේ වාහන පගා මරුවෝ තමා එතැන ඉන්නේ. වගකිව යුත්තන්ගේ ඇස් ඇරිලා මේ අවුරුදු දහයකට වඩා මේ පොලිසියේ ඉන්න නිලධාරීන් මාරු නොකරන එකත් ගමවාසින් වන අපිට ප්‍රශ්නයක්...
අතිශයින්ම දුෂ්කර රාජකාරියක් කරන අපේ පොලිසියට මෙන්න අපේ හදපිරි ප්‍රණාමය...!!!
කුඩු වසංගතයක් වීමට දේශපාලකයෝද ඇතැම් ආරක්ෂක අංශවලින් ලැබෙන අනුග්‍රහය බලපානවා. ඔවුන් තම වගකීම ඉටු කලා නම් මෙය මෙපමන විනාශයක් වන්නේ නෑ. මහජනතාව බොහෝවිට මේ සම්බන්ධව පැමිණිලි කළද බලගතු හස්ත ක්‍රියාත්මක වෙනවා. ඇතැම් විට වඳින්න ගිය දේවාලේ ඔලුවට වැටෙනවා. දැන් දේශපාලනය මේ සඳහා සක්‍රීයව මැදිහත් වීම රටේ මිනිසුන්ගේ වාසනාවක්. දරුපවුල් නැත්තටම නැති කරන මේ උවදුර දුරින් දුරු කිරීමට මේ පාලනයට හැකිවේවා...!
මේ සඳහා සක්‍රීයව මැදිහත් වීමට රජයට හැකිවේවා...!
ගුලි සහ කිරිබත් ලෙස ඇත්තේ කුඩු බවට සැක හිතෙනවා. ලංකාවේ ඔහොම තමයි... ගරාජයේ වාහනේ තහඩු... නැත. ප්‍රමිතියෙන් තොරයි, මෙය පොලිසියක් නොව නිවසක්...
පොලිසියට වගේම ගම්මුන්ටත් ආචාර කරනවා
මම කියන්නේ ඔය රාජසන්තක වන මේ මුදලෙන් ලක්ෂ 5 බැගින් දෙදෙනාටම දෙන්න වටිනවා වගේම උසස් වීම් වළට ලකුණුත් දෙන්න ඕනේ.
මෙම සිදු වීම මැයි 30 සිදු වුනේ.ජුනි 2 දිණමින ප්‍රාදේශීය පිටුවේ පුවතක්.එයම ජුනි 3දා ලංකාදීප මුල් පිටුවේ .එහි සදහන් වෙනවා මෙම සිදුවීම ජුනි 2 සිදුවූ බවත් .එතකොට විශ්මිත ලෙසින් ජුනි 2 සිදු වීම එදිනම දිණමින පත්තරයේ පළවෙනවා.අහෝ !ගිලිහී යන ලංකාදීප පුවත් පතේ විශ්වාසනීයත්වය,කීර්තිය !