
(ෂේන් සෙනෙවිරත්න)
කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය කියයි.
එම ගින්න ඊයේ (11) රාත්‍රී 10ට පමණ හටගෙන ඇතිි අතර ප්‍රදේශවාසීන් සහ කඩුගන්නාව පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට පියවර ගත්තත් එහි අලෙවි කිරීමට තිබූ යතුරුපැදි 20ක් ගිනිගෙන විනාශ වූ බව පොලිසිය කියයි.
එම අලවිසලේ තිබූ පහනක් පෙරළීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් ඉගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනානායක මහතා ඇතුළ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd