IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කඩුගන්නාවේ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගනියි

(ෂේන් සෙනෙවිරත්න)

කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය කියයි.

එම ගින්න ඊයේ (11) රාත්‍රී 10ට පමණ  හටගෙන ඇතිි අතර ප්‍රදේශවාසීන් සහ කඩුගන්නාව පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට පියවර ගත්තත් එහි අලෙවි කිරීමට තිබූ යතුරුපැදි 20ක් ගිනිගෙන විනාශ වූ බව පොලිසිය කියයි.

එම අලවිසලේ තිබූ පහනක් පෙරළීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් ඉගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනානායක මහතා ඇතුළ පොලිස්‌ කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

කඩුගන්නාවේ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2356 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site