IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගුව සොයා ගනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය  කුරියර් පාර්සල්වල සූක්ෂම ලෙස සගවා තිබී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා මෙරටට ඒවා ඇති කොකේන්, කුෂ් සහ කැනබිස් තෙල් යන මත්ද්‍රව්‍ය  මෙලෙස අත්අඩංගුවට ගත් බවත් ,  ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය 2024 ජනවාරි 1 සිට 2025 ජුනි දක්වා කාලය තුළ කොළඹ කාගෝ එක්ස්ප්‍රස් වෙත ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මැලේසියාව යන රටවලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැක සහිත අධිවේගී කුරියර් පාර්සල් ගණනාවක්  විශ්ලේෂණය කර රදවා තබා ගැනීමෙන් පසුව මෙම මත්ද්‍රව්‍ය සොයාගත් බවත් ඒ මහතා පැවසීය.

එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ හිමිකම් කියා පෑමක් නොමැති නිසා තවදුරටත් පරීක්ෂා කළ බව කී ඒ මහතා 2025 ජුනි 25 වන දින, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත රේගු නිලධාරීන්, පාර්සල් විවෘත කර පරීක්ෂා කිරීමේදී එම පාර්සල් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බවද සඳහන් කළේය.

කොකේන් ග්‍රෑම් 1,101 ක්, කුෂ් ග්‍රෑම් 1,666 ක් සහ කංසා තෙල් කුප්පි හතරක් ද ඒ අතර තිබූ බව අරුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගුව සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 307 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site