
(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(11) නියෝග කළාය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී බහු දින යාත්‍රාවක සිටියදී අත් අඩංගුවට ගත් සැකකාර ධීවරයන් අටදෙනා මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිතව බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරුවන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 67යි ග්‍රෑම් 452ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 191යි ග්‍රෑම් 752ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 20ත් 58ත් අතර වයස්වල පසුවන හික්කඩුව, අහුන්ගල්ල, බේරුවල, ගෝනාපීනුවල සහ අළුවල ප්‍රදේශවල පදිංචිකරුවෝ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd