IMG-LOGO

කෝටි 13ක කේරළ ගංජා මීගමුවෙන් අල්ලයි

(යොහාන් භාසුර)

රුපියල් කෝටි 13 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුව මංකුලිය කළපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේදී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගත් බවත් බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය එම මෙහෙයුම ක්‍රයාත්මක කළ බවත් නාවික හමුදාව කීය.  

සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කිරීමේදී එම ඩිංගි යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් දහයක 10 අසුරන ලද, කේරළ ගංජා කිලෝ 400 යි ග්‍රෑම් 810 ක තොගය සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස භාරයට ගත් බවත් ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු කාර්යාලය වෙත භාරදුන් බවත් නාවික හමුදාව වැඩි දුරටත් කීය. 



අදහස් (1)

කෝටි 13ක කේරළ ගංජා මීගමුවෙන් අල්ලයි

පැරකුම් Thursday, 21 September 2023 05:30 PM

ඉතා භයානක තත්වයක්. නිපා වෛරසය දැනටමත් ලංකාවට ඇවිල්ලද දන්නෙ නෑ. කේරලය දැන් සහමුලින්ම වාගේ ලොක් ඩවුන්. ශ්‍රීලංකාවට ලේසියෙන් ඇස් ඇරෙන්නෙ නෑ. අපේ සෞඛ්‍ය සේවය එතරම් කාර්ය්‍යක්ෂමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site