IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි 12 ක සිගරැට් රේගු දැලේ

(යොහාන් භාසුර)

නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායේ නිලධාරීන් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක කළ පරීක්ෂාවකදී මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

 එහි ලෝකයේ නම් දැරූ සන්නාමයක සිගරට් බන්ඩල  713,000 ක සිගරැට් කෝටි 3565 ක් තිබූ බවත් ඒ මහතා කීය. 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කළ මිලිමීටර 5 ක කුහර සහ රැලි සහිත තහඩු පැලට් 5 ක් තුළ සඟවා තිබියදී මෙම සිගරැට්  තොගය සොයා ගෙන ඇත.

එම  සිගරට් වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 124,019,554 ක් වන අතර මෙම සිගරැට් තොගය කිසියම් ක්‍රමයකින් වරායෙන් පිට කළේ නම් රජයට රුපියල් 107,985,621 ක බදු ආදායමක් අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

කෝටි 12 ක සිගරැට් රේගු දැලේ

Saman Tuesday, 18 March 2025 09:22 AM

සිගරට් කෝටි 3,563 ක් අහු වුණා කියන්නේ, එක සිගරට් එකක් රුපියලක් වුණත් එතනම කෝටි 3,563 ක් නේ.. එතකොට කෝටි 12 ක සිගරට් අහු වෙලා කිව්වේ

:       2       2

බටලන්දේ ප්‍රේමවතී Tuesday, 18 March 2025 09:46 AM

අදාල පුද්ගලයන්ට හරියට කොටස නොගියම ඕක වෙනවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site