
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ මුදල් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 8 ගෑම් 168 අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666 , මත් ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැකකරණ රුපියල් 823,000.00 , විද්‍යුත්තරාදි තුනක් වෑන් රථයක් මෝටර් රථයක් තීරෝද රථයක්, වහන අංක තහඩු කීපයක් හා යතුරුපැදී දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා කුලී පදනම මත නිවසක් ලබාගෙන විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනු දැනුම මත මෙම ජාවාරම සිදු කරන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර නම් මාට්ටු වුනත් දඬුවමක් දීපු බවක් අහලා තියනවාද? එසේ නම් ඇයි ඒවාටත් මේ වගේම ප්‍රසිද්ධියක් නොදෙන්නේ? සමහරු නීතියේ හිල් වලින් රිංගලා යනව... නැත්නම් පුංචි දඩයක් ගෙවලා නැවතත් පුරුදු වැඩේට බහිනවා. ඉතා දැඩි දඬුවම් දියහැකි පරිදි නීති සංශෝධනය නොකරන්නේ මන්ද? මාලිමා රජයෙන් එය සිදුවේයයි උදක්ම බලාපොරොත්තු වෙමු...